අගමැති මෝදි ජනපති කාර්යාලයට පැමිණෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද බවයි කියන්නේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) […]

ශ්‍රී නරේන්ද්‍ර මෝදි නිල පිළිගැනීමේ තවත් විස්තර

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (05) පෙරවරුවේ පැවැත් වුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය  […]

නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය

මෙරට ට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය මීට සුලූ මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ නිදහස් චතුරශ්‍රයේ දී යි. මෙම උළෙලට ජනාධිපති අනුර දිසානායකද එක්ව සිටිනවා. සජීවී දර්ශන සඳහා : https://www.facebook.com/PresidentsMediaSriLanka/videos/708195851541766

අගමැති මෝදී ගේ සංචාරය ගැන ඉන්දීය මහ කොමසාරිස් කියන කතාව

මෙරට ට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පවත්වන ද්විපාර්ශවීය සාකච්ඡාවලින් පසු ආරක්ෂක, බලශක්ති ආරක්ෂාව සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු 10 ක් පමණ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය […]

මෙරට සිටින ඉන්දියානුවන් මෝදි උණුසුම්ව පිළිගනියි

ඊයේ (04) රාත්‍රියේ දී මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සිටින ඉන්දීය ජාතිකයන් විසින් උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා වෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගෙන සිටින ටාජ් සමුද්‍ර හෝටල පරිශ්‍රයේ දී යි. එහිදී තමන්ට සුබ පැතීමට පැමිණි සිටි පිරිස් සමඟ සමීපව සිටිමින් අග්‍රාමාත්‍යවරයාද පෙරලා සිය ප්‍රතිචාර දැක්වූ බවයි වාර්තා වන්නේ.

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඊයේ (04) සන්ධ්‍යාවේ දිවයිනට ළඟා වුණා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා […]

ඖෂධ ගැන අධිකරණයට පෙත්සමක්

ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවභාවිතා කරමින් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට රුපියල් මිලියන 100ක අලාභයක් වන ලෙස Total Parenteral Nutrition (TPN) ඇතුළු ඖෂධ නිෂ්පාදන සැපයීමේ ටෙන්ඩරයක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම ටෙන්ඩරය බල රහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අගතියට පත් වූ Slim Pharmaceuticals (PVT) Ltd සමාගම විසින් ඉකුත් 25දින අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු […]

පුවත්පත් මණ්ඩලයට අලුත් පිරිසක් පත්වෙයි

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කර තිබෙනවා. අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකළ බව වාර්තා වෙනවා. සම්මානලාභී ලේඛකයකු, විචාරකයකු, මාධ්‍යවේදියකු සහ විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම සිනමා, සාහිත්‍ය සම්මාන උළෙල රැසක ජූරි සභිකයෙකු ලෙසද කටයුතු කළ ප්‍රියාන් ආර් […]

ශම්මී යලිත් ක්‍රිකට් සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹ දී පැවැත් වුණා. එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස හිටපු සභාපති ශම්මී සිල්වා ම නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා. ඔහු සභාපති ලෙස තේරී පත්වූයේ අඛණ්ඩව සිව්වැනි වාතාවට යි. අටුලුගමගේ ශම්මී ශිරාජ් සිල්වා 1960 අගෝස්තු 7 වෙනි […]

දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව කථානායකට භාරදෙයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව එම යෝජනාව ඉදිරිපත් කර ඇත