කරුණා අම්මාන් ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට මෙලෙස සම්බාධක පනවා ඇති බව වාර්තා වේ. ඊට […]

ගම්මන්පිල නිදොස් කොට නිදහස් කෙරේ

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී […]

පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 6ක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඊයේ (23) දිනයට මැතිවරණ පැමිණිලි 06ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙහිදී අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවීම, පක්ෂ ප්‍රවර්ධනය වන ලෙස කොඩි ප්‍රදර්ශනය කිරිම, වියළි ආහාර බෙදාදීම හා වීදි ලාම්පු සවි කිරීම යනාදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

2025 අයවැය වැඩි ඡ්න්ද 114කින් සම්මතයි

2025 වර්ෂයට  අදාළ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය  වැඩි ඡන්ද 114 කින්  අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබූ අතර විපක්ෂව ඡන්ද 45 ලැබුණා.ඒ අනුව මසක් පුරා පැවති අයවැය විවාදය අදින් අවසන් වුණා. මෙහිදී පිළිතුරු කතාව ජනාධිපතිවරයා විසින් සිදුකිරීම විශේෂත්වයක්.

පළාත් පාලන ඡන්දය මැයි 6 වෙනිදා

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වුණා. ඒ නාමයෝජනා සම්බන්ධව විරෝධතා ගොනුකිරීම සඳහා අද දහවල් 1.30 දක්වා කාලය ලබාදී තිබුණා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.  පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු ආරම්භ වුණේ පසුගිය 17 වැනිදා සිටයි. […]

ඉන්දියානු වාහන නිෂ්පාදකයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දියානු වාහන නිෂ්පාදකයන්ගේ සංගමයේ දහඅට දෙනෙකුගෙන් සමන්විත සාමාජික නියෝජිත පිරිසක් පසුගිය 17 සහ 18 දෙදින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. වාණිජ වාහන, මගී වාහන, යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු සියලු වාහනවල ප්‍රමුඛ පෙළේ නිෂ්පාදක සමාගම්වල නියෝජිතයන් මේ පිරිසට අයත් වූ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. දෙදින සංචාරය […]

දේශබන්දුට ඇප දෙනවාද නැද්ද තීන්දුව අද හවසට

රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි. අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග […]

මන්ත්‍රී අර්චුනාට පාර්ලිමේන්තවෙන් තහනමක්

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම අත්හිටුවන බව කතානායකවරයා ප්‍රකාශ කළා. ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින්. ඊට අමතරව, අර්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අසොභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් […]

දේශබන්දු මාතර උසාවියට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය […]

මම බටලන්ද කොමිසමේ සාක්කිකරුවෙක් විතරයි

ආන්දෝලනයට හේතු වී තිබෙන අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (16) දිනයේ දී  විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඔහු එම ප්‍රකාශයේ දී සඳහන් කරන්නේ තමන් බටලන්ද කොමිසම වෙත කැඳවූයේ සාක්ෂිකරුවෙක් ලෙස පමණක් බවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ ප්‍රකාශය […]