පළාත් පාලන ඡන්දය මැයි 6 වෙනිදා

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වුණා. ඒ නාමයෝජනා සම්බන්ධව විරෝධතා ගොනුකිරීම සඳහා අද දහවල් 1.30 දක්වා කාලය ලබාදී තිබුණා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. 

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු ආරම්භ වුණේ පසුගිය 17 වැනිදා සිටයි. නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් වුණා.

Recent Post