හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තීරණය

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණයට තීරණාත්මක ප්‍රතිචාරයක් ලෙස, උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකානු ආක්‍රමණයට සහ ජාත්‍යන්තර ප්‍රජාවේ නිහඬතාවයට ප්‍රතිචාර වශයෙන් ගෝලීය බලශක්ති වෙළඳාම සඳහා වන ප්‍රධාන මුහුදු මාර්ගය වසා දැමීමට Majlis (ඉරාන පාර්ලිමේන්තුව) එකඟ වී ඇති බව ජ්‍යෙෂ්ඨ ඉරාන නීති සම්පාදකයෙකු වන එස්මයිල් […]
ඊශ්‍රායලය – ඉරානය මේ මොහොතේ කතාව

වසර 2023 අගභාගයේ සිට හමාස් සංවිධානය සමඟ යුද්ධයක පැටලී ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු නිරායුධ පලස්තීනුවන් දහස් සංඛ්‍යාවක් ඝාතනය කරමින් ද, ගාසාව අමු සොහොනක් බවට පත් කරමින් ද සිටින ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් ඉරානයත් කුපිත කර තිබෙනවා. එහි සැබෑ අවශ්‍යතාව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ සිය ආධිපත්‍යය පුළුල් කිරීම විය හැකි බව මැදපෙරදිග දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස […]
ගාසා වෙත යමින් තිබූ මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායල් අත්අඩංගුවට

ගාසා තීරය වෙත ආහාර සහ ඖෂධ රැගෙන යමින් තිබූ Madleen (මැඩ්ලීන්) නම් නෞකාවට ඊශ්‍රායල හමුදාව ගොඩවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ බව මෙම ගමන සංවිධානය කළ Freedom Flotilla Alliance (නිදහස් ෆ්ලෝටිලා සන්ධානය) තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. සිය නෞකාවේ සම්බන්ධතා නැති වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. ගාසා හී ප්‍රදේශයකට ළඟා වන […]
මානවරූපී රොබෝවරුන් මැරතන් ධාවන තරගයක

මානවරූපී රොබෝවරුන් (Humanoid robots) එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං හි දී සෙනසුරාදා (19) පවත්වා තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරග කළ බවයි. සැතපුම් 13ක දුරක් මෙම මැරතන් ධාවනය පවත්වා ඇති බවයි කියන්නේ. මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි […]
ට්‍රම්ප්ට සහ ඊලෝන් මස්ක්ට එරෙහිව විරෝධතා ඇරඹෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුලත්ව ස්ථාන 1,200ක ඊයේ (05) දිනයේ දී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු […]
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලේ ගෙවූ නවවන රාත්‍රියත් සාමකාමියි

ඊයේ (23) ඉරිදා උදෑසන, වතිකානු පුවත් කාර්යාලය පැවසුවේ, බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය මත පසුගියදා රෝහල්ගත කළ 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෙනහලු දෙකටම නිව්මෝනියාව පැතිරී ඇති හෙයින් ද්විත්ව නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබන රෝමයේ Gemelli Hospital හී නවවන රාත්‍රිය සාමකාමීව ගත කළ බවයි. ඊයේ උදෑසන නැවත වරක් පාප් වහන්සේ වෙත ඔක්සිජන් ලබාදීම නාසික කැනියුලා භාවිතා කළ බව […]
නාසි ආචාරය සහ වෛරී සංකේතවලට ඕස්ට්‍රේලියාව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරයි

නාසි ආචාරය ඉටු කිරීම සහ වෛරී සංකේත ප්‍රදර්ශනය කිරීමට එරෙහිව දැඩි සිර දඬුවම් නියම කරමින් ඕස්ට්‍රේලියාව නව සංශෝධන හඳුන්වා දී ඇති අතර එය රටේ ඉතිහාසයේ දැඩිම වෛරී අපරාධ නීතිය ලෙස සනිටුහන් කරයි. බ්‍රහස්පතින්දා සම්මත කරන ලද නව නීති මගින් වෛරයට සම්බන්ධ වැරදි සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා වසර 1-6 ත් දක්වා අනිවාර්ය සිර දඬුවම් ක්‍රියාත්මක කෙරේ. […]
ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර තිබෙනවා. ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ. මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකෙනවා. ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම […]
100,000 අධික රුමේනියානුවන් ජනාධිපතිවරණය අවලංගු කිරීමට විරෝධය පළ කරයි

දෙසැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය අවලංගු කිරීමට විරෝධය පළ කිරීම සඳහා සිකුරාදා(11) දහස් ගණනක් රුමේනියානුවන් රටේ ඉහළම අධිකරණයෙන් පිටත රැස් වූ අතර, එහිදී පළමු වටයේ දී අපේක්ෂකයෙකු පෙරමුණ ගෙන සිටියේය. රුසියාවට සම්බන්ධ යැයි සැක පළ කරන කොලින් ජෝර්ජෙස්කු (Calin Georgescu) අසාධාරණ සමාජ ජාලා මාධ්‍ය ප්‍රචාරණයකින් ප්‍රතිලාභ ලබා ඇති බව රාජ්‍ය ලේඛනවලින් මගින් සනාථ වීමෙන් පසුව එරට […]
රුසියාව බටහිර සම්බාධක මග හැරීම සඳහා Bitcoin භාවිතා කරයි

රුසියානු මුදල් අමාත්‍ය Anton Siluanov පවසන පරිදි රුසියාව බටහිර රටවල් මගින් පනවන ලද සම්බාධක මග හැරීම සඳහා Bitcoin භාවිතා කිරීමට පටන් ගෙන තිබේ. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී, Siluanov තහවුරු කළේ රුසියාව අලුතින් පනවන ලද නීතියක් යටතේ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා cryptocurrency භාවිතා කරන බවයි. පසුගිය මාසයේ, Kremlin මගින් cryptocurrency mine කරන්නන් සඳහා නීති රාමුවක් හඳුන්වා දුන් අතර, […]