ඊශ්‍රා­ය­ලය – ඉරානය මේ මොහොතේ කතාව

වසර 2023 අග­භා­ගයේ සිට හමාස් සංවි­ධා­නය සමඟ යුද්ධ­යක පැටලී ගාසා තීරයේ කුඩා දරු­වන් ඇතුළු නිරා­යුධ පල­ස්තී­නු­වන් දහස් සංඛ්‍යා­වක් ඝාත­නය කර­මින් ද, ගාසාව අමු සොහො­නක් බවට පත් කර­මින් ද සිටින ඊශ්‍රා­ය­ලය දැවැන්ත ගුවන් ප්‍රහා­ර­ය­කින් ඉරා­න­යත් කුපිත කර තිබෙනවා. එහි සැබෑ අව­ශ්‍ය­තාව වී ඇත්තේ මැද­පෙ­ර­දිග කලා­පයේ සිය ආධි­ප­ත්‍යය පුළුල් කිරීම විය හැකි බව මැද­පෙ­ර­දිග දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස යි. ගාසා හී මිනිස් සංහා­ර­යට එරෙ­හිව ලෙබ­න­නයේ හෙස්බුල්ලා සංවි­ධා­න­යෙන් හා යේම­නයේ හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් එල්ල­වන ප්‍රහා­ර­ව­ල­ටත් ප්‍රති­චාර දක්ව­මින් සිටින ඊශ්‍රා­ය­ලය විසින් ඉරා­න­යට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ එරට න්‍යෂ්ටික අවි නිෂ්පා­ද­නය වැළැ­ක්වී­මට බව අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රහා­රය ආරම්භ කිරී­මෙන් පසු නිවේ­ද­නය කළා. එහෙත් ඉරා­න­යට පහ­ර ­දී­මෙන් ඊශ්‍රා­ය­ලය සිදු කර ඇත්තේ තුන්වැනි ලෝක මහා යුද්ධ­ය­කට අත­වැ­නී­මක් බව­ටත් මැද­පෙ­ර­දිග දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන් අනා­වැකි පළ කරනවා.

ඊශ්‍රා­ය­ලය පවසන ‘Rising Lion’ මෙහෙ­යුම

ටෙහෙරාන් නගරය 13 වෙනිදා ප්‍රහාරයෙන් පසු

ඊශ්‍රා­ය­ලය විසින් ‘Rising Lion’ නමින් එකි­නෙ­කට වෙනස් ආකා­රයේ උපාය මාර්ග දෙක­කින් ඉරා­න­යට පහර දීම ආරම්භ කරනු ලැබුවේ පසු­ගිය 13 වැනිදා මැදි­යම් රාත්‍රි­යෙන් මොහො­ත­කට පසු­ව යි. එම මෙහෙ­යුම ‘Rising Lion’ හෙවත් ‘සිංහයා අවදි කිරීම’ ලෙස නම් කරනු ලැබුවේ දෙරට අතර ඉරාන විප්ල­ව­යට පෙර පැවති බව කියන සමීප සබ­ඳතා සිහි­පත් කර­මින් බවයි ඊශ්‍රායලය දෙසින් වාර්තා වන්නේ. ෂා රජ පෙළ­පත විසින් ඉරා­නය පාල­නය කළ 1907 සහ 1979 අතර දීර්ඝ කාල­යේ දී ඉරාන ජාතික ධජයේ සිංහ­යකු සහ හිරු සංකේ­ත­වත් කර තිබූ බවත්, ඉරාන ඉති­හා­සය හා මිථ්‍යා කතා මුල්බැ­ස­ගත් එම සංකේත සහිත ජාතික ධජය විප්ල­ව­යෙන් පසු ඉවත් කළ බවත් කියවෙනවා. ‘සිංහයා අවදි කිරීමේ’ මෙහෙ­යුම ක්‍රියා­ත්මක වූයේ දෙයා­කා­ර­යකින්. ඉන් පළ­මු­වැන්න වූයේ ඊශ්‍රා­යල කොමාන්ඩෝ භට­යන් විසින් මාස ගණ­නා­ව­කට පෙර ඉරා­නය තුළ ස්ථාන­ගත කර තැබූ බව කියන කුඩා පුපු­රන ද්‍රව්‍ය ඇතු­ළත් ඩ්‍රෝන තොග­යක් මුදා හැරී­ම යි. ඒවා ඉරා­නයේ ටෙහෙ­රාන් අග­නු­වර බට­හිර ප්‍රදේ­ශයේ පිහිටි ගුවන් ආර­ක්ෂණ රේඩාර් සහ සන්නි­වේ­දන පද්ධ­ති­ව­ලට පහර දෙමින් ඉරාන ආර­ක්ෂක ප්‍රධා­නීන්ගේ අව­ධා­නය එදෙ­සට යොමු කළා. ඊට මිනිත්තු කිහි­ප­ය­කට පසු ඊශ්‍රා­යල ප්‍රහා­රක ගුවන් යානා 200කට අධික ප්‍රමා­ණ­යක් ඉරා­නය පුරා පිහිටි න්‍යෂ්ටික සහ හමුදා ඉලක්ක 100කට වැඩි ස්ථාන වෙත මාරා­න්තික ප්‍රහා­ර­යක් එල්ල කළා. සිය හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර වේලා­ස­නින් හඳුනා ගැනී­මට සහ වළ­ක්වා­ලී­මට ඉරා­න­යට නොහැකි වූයේ ඊශ්‍රා­ය­ලය පළ­මුව සිදු කළ ඩ්‍රෝන ප්‍රහා­ර­යෙන් එරට ආර­ක්ෂක සන්නි­වේ­දන පද්ධ­තිය විනා­ශ­ වීම හේතු­වෙන් බවයි එරට පිළිබඳව වන මාධ්‍ය වාර්තා පවසන්නේ. ඉරා­නයේ ජ්‍යෙෂ්ඨ හමුදා නාය­ක­යන් රැසක් ගුවන් ප්‍රහා­ර­ව­ලින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මට ද එය හේතුවක් වුණා. එම ප්‍රහා­ර­ව­ලින් ඉරා­නයේ න්‍යෂ්ටික විද්‍යා­ඥ­යන් 9 දෙන­කුත් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ඉරා­නය තහ­වුරු කළා.

ඉරා­නයේ ආන්දෝ­ල­නා­ත්මක න්‍යෂ්ටික අවි නිෂ්පා­ද­නය වැළැ­ක්වී­මට වැඩිම අව­ශ්‍ය­තාව ඇත්තේ ඊශ්‍රා­ය­ල­යට නොව අමෙ­රි­කා­එක්සත් ජනපද කඳවුරට බව ප්‍රකට කරු­ණක්. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනා­ධි­ප­ති ­ධු­ර­යට පත්වී­මෙන් පසු මේ පිළි­බඳ සාකච්ඡා කිරී­මට ඉරා­න­යට ඇරි­යුම් කර තිබූ අතර, අමෙ­රි­කාව සමඟ ගිවි­සු­ම්ගත වන ලෙස දිගින් දිග­ටම ඉල්ලා සිටි බවත් ද වාර්තා වෙනවා. ඉරානයට එරෙහි ඊශ්‍රායල් ප්‍රහා­රය ආරම්භ වන්නේ එවැනි පසු­බි­ම­ක දී බැවින් ප්‍රහා­රය පසු­පස අමෙ­රි­කාව සිටින බවට පළ­වන ඇතැම් ජාත්‍ය­න්තර මාධ්‍ය තොර­තුරු ඉවත දැමී­මට ද නොහැ­කියි. එය කෙසේ වුවත් දශක දෙක­කට ආසන්න කාල­යක් පැවැති දෙරට අතර පැවැති සතු­රු­කම් මේ ප්‍රහා­ර­යත් සමඟ සක්‍රිය යුද ගැටු­මක් බවට පත්වී තිබෙනවා. ප්‍රහා­ර­යට දින­කට පෙර එවැනි ප්‍රහා­ර­යක් පිළි­බඳ ජාත්‍ය­න්තර යුද විශ්ලේ­ෂ­ක­යන් අන­තුරු අඟවා තිබූ අතර, මැද­පෙ­ර­දිග කලා­පය දරුණු යුද බිමක් බවට පත්විය හැකි ­බ­වට එම කලා­පයේ සිටින සිය පුර­වැ­සි­යන්ට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් අන­තුරු අඟවා තිබූ බවට ද මාධ්‍ය වාර්තා පළ වුණා.

යුද්ධය දිගු­කා­ලීන බවට ඊශ්‍රා­යල අග­මැ­ති­ගෙන් ප්‍රකා­ශ­යක්

බෙන්ජ­මින් නෙත­න්යාහු

ඊශ්‍රා­ය­ලයේ පැවැත්ම සහ ඉරා­නයේ තර්ජන මැඬ පැවැ­ත්වීම ඉලක්ක කර­ගත් මිලි­ටරි මෙහෙ­යු­මක් බව හුවා දක්ව­මින් ප්‍රහා­ර­යෙන් පසු ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු සිදු ­කළ ප්‍රකා­ශය ජාත්‍ය­න්තර අව­ධා­න­යට ලක්වී තිබෙනවා. ඉරාන තර්ජ­නය තුරන් වන­තුරු යුද්ධය පව­තින බවට ඔහු විසින් පළ කරනු ලැබූ අනා­වැ­කිය මැද­පෙ­ර­දිග ස්ථාව­ර­ත්වය අව­දා­න­මට ලක් කර ඇති අතර, කලා­පයේ මෙන්ම ජාත්‍ය­න්තර ආර්ථි­ක­යට ද බල­පෑම් එල්ල වනු ඇතැයි ආර්ථික විද්‍යා­ඥයන් පවසනවා. ඒ බව සනාථ කරමින් දැන­ට­මත් බ්‍රෙන්ට් බොර­තෙල් මිල 10% කින් ඉහළ ගොස් තිබෙනවා. එය පසු­ගිය ජන­වා­රි­යෙන් පසු එවැනි ඉහළ යෑමක් පෙන්නුම් කළ පළමු අව­ස්ථාව යි. ඉදිරි දින කිහි­ප­යේ දී එය තව­දු­ර­ටත් ඉහළ යනු ඇතැයි ද අනා­වැකි පළවෙනවා. බොර­තෙල් මිල ඉහළ යෑම හේතු­වෙන් ලොව පුරා ඉන්ධන මිල ඉහළ යෑමට සහ පාරි­භෝ­ගික භාණ්ඩ මිල ඉහළ යෑමට ද හේතු වෙයි.

ඉරාන – ඊශ්‍රා­යල රහ­සි­ගත සබ­ඳතා

ඊශ්‍රා­ය­ලය සහ ඉරා­නය ජාත්‍ය­න්තර දේශ­පා­ල­නයේ වඩාත්ම දරුණු පස­මි­තු­රන් බවට පත්වී සිටිත් එම සතු­රු­කම 1979 ඉරාන විප්ල­ව­යට පෙර පැවැ­තියේ රහ­සි­ගත සහ­යෝ­ගී­තාව හා උපා­ය­මා­ර්ගික සන්ධා­න­ග­ත­වී­මක් ලෙස­ට යි. 1948 වස­රේ දී ඊශ්‍රා­යල රජය පිහි­ටු­වා­ ගැ­නී­මෙන් පසු බොහෝ මුස්ලිම් රට­වල් එය පිළි­ගැ­නීම ප්‍රති­ක්ෂේප කරද්දී දිගු කාල­යක් පුරා සුන්නි නිකා­යට අයත් මුස්ලිම් රට­වල් සමඟ ආග­මික විර­ස­ක­යක පැටලී සිටි ෂියා නිකා­යික ඉරා­නය රහ­සි­ග­තව ඊශ්‍රා­ය­ලය සමඟ සම්බ­න්ධතා ශක්ති­මත් කර­ග­ත්තා. එව­කට ෂා රජ පෙළ­පතේ පාල­නය යටතේ පැවැති ඉරා­නයේ අරාබි – ඊශ්‍රා­යල සීතල යුද්ධය අත­ර­තුර අනු­ග­ම­නය කරනු ලැබුවේ ද බට­හි­ර­වාදී ප්‍රති­ප­ත්ති­යක්. ඉරා­නයේ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරි­මට ඊශ්‍රා­ය­ලය රහ­සින් ආධාර කළ අතර, 1967 දී සිදුවූ දින හයේ යුද්ධ­යෙන් පසු අරාබි රට­වල් රැසක් තෙල් වර්ජ­න­යක නිර­තව සිටි­ය දී ඊශ්‍රා­ය­ල­යට බොර­තෙල් සැප­යුවේ ඉරා­නය යි. ඒ වෙනුවෙන් ඊශ්‍රා­ය­ල­යෙන් ඉරා­න­යට කෘෂි­කා­ර්මික තාක්ෂ­ණය ලබා දුන්නා. එප­ම­ණක් නොව ඉරා­නය එව­කට අමෙ­රි­කා­වේද සමී­ප­තම හිත­ව­තකු බවට පත්වී සිටි­යා. මේ සියල්ල වෙනස් වූයේ 1979 ඉරාන විප්ල­ව­යෙන් පසු­වයි. එය ඊශ්‍රා­යල – ඉරාන සියලු ආකා­ර­යෙන් පැවැති රහ­සි­ගත හා ප්‍රසිද්ධ සබ­ඳතා බිඳ වැටී­මට හේතුවූ අතර, ඉරානයේ ආධ්‍යා­ත්මික නායක අය­තුල්ලා කුමේනි යටතේ බිහිවූ ඉරාන ඉස්ලා­මීය ජන­ර­ජය එරට විදේශ ප්‍රති­ප­ත්තිය උඩු­ය­ටි­කුරු කළා. එම පාල­නය යටතේ ඊශ්‍රා­ය­ලය සල­කනු ලැබුවේ දේශ­පා­ලන විරු­ද්ධ­වා­දි­යකු ලෙස පම­ණක් නොවුවා. පල­ස්තී­නය වෙනු­වෙන් පෙනී සිටි ඉරා­න­යට අනුව ඊශ්‍රා­ය­ලය ‘අව­ජා­තක රාජ්‍ය­යක් (An illegitimate state)’ විය.

හමාස් සංවි­ධා­න­යට එරෙ­හිව බව කියමින් ගාසා තීරයේ පල­ස්තී­නු­වන් දහස් සංඛ්‍යා­වක් ඉතා ම්ලේච්ඡ ආකා­ර­යෙන් ඝාත­නය කර­මින්ද, මානව හිමි­කම් අමු අමුවේ උල්ලං­ඝනය කර­මින් ද ඊශ්‍රා­ය­ලය මේ සිදු කරන්නේ සිය භූමියේ වප­ස­රිය පුළුල් කර­ගැ­නීම පම­ණක් නොව අරාබි මුස්ලි­ම්ව­රු­න්ගෙන් පළි­ගැ­නී­මක් බවයි ලොව පුරා බොහෝ දෙනාගේ අදහස වන්නේ. අය­තුල්ලා කුමේ­නිගේ සහ එරට නව ඉස්ලා­මීය දෘෂ්ටිවා­ද­යට අනුව පීඩිත ජන­කො­ට­සක් බවට පත්වී සිටින පල­ස්තී­නු­වන්ට සහාය දැක්වී­මට ප්‍රමු­ඛ­තාව ලබා­දෙන අතර, ඊශ්‍රා­ය­ලයේ පැවැ­ත්මට ඔවුන් දැඩි විරෝ­ධය ප්‍රකාශ කරනවා. ෂා රජ පෙළ­පත බිඳ වැටී­මෙන් පසු ටෙහෙ­රාන් අග­නු­වර පිහිටි ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලයේ සියලු නිල­ධා­රීන් නෙරපා දැමූ කුමේනි එම කාර්යා­ලය පල­ස්තීන විමුක්ති සංවි­ධා­න­යට බාර දුන්න්නේ ඊශ්‍රා­ය­ලය සමඟ සියලු රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා බිඳ දමමින්.

ඉරා­නයේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධා­නීන් 4ක් මරුට

ඉරා­නයේ න්‍යෂ්ටික බලා­ගාර, බැලැ­ස්ටික් මිස­යිල නිෂ්පා­දන මධ්‍ය­ස්ථාන සහ හමුදා අණ­දෙන කාර්යාල ගොඩ­නැ­ඟිලි ඉලක්ක කර­මින් ඊශ්‍රා­ය­ලය වෙතින් ජුනි 13 වෙනිදා එල්ල වූ ප්‍රහා­ර­යෙන් එරට ඉහ­ළම හමුදා නිල­ධා­රියා වන ඉරාන විප්ල­වීය හමු­දාවේ ප්‍රධානී මේජර් හුසේන් සලාමි, එරට ත්‍රිවිධ හමු­දාවේ අණ­දෙන නිල­ධාරී මේජර් ජෙන­රාල් මොහො­මඩ් බගේරි, ආධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කුමේ­නිගේ සමී­ප­ත­ම­යකු වන හිටපු ආර­ක්ෂක ඇමැති අලි ෂම්කානි සහ ඉරාන විප්ල­වීය ගුවන් හමු­දාවේ අණ­දෙන නිල­ධාරී බ්‍රිගේ­ඩි­යර් ජෙන­රාල් අමීර් අලි හජි­සාදේ ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව තහ­වුරු වී තිබෙනවා. ගුවන් ප්‍රහා­ර­මා­ලා­වෙන් දරු­වන් ඇතුළු සිවිල් වැසි­යන් ද මියගිය බවට ඉරාන රජයේ රූප­වා­හි­නිය නිවේ­ද­නය කළත්මේ දක්වා එම සංඛ්‍යාව හෙළි කර නැහැ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන­තුරු අඟවීම

ඊශ්‍රා­ය­ල­යෙන් එල්ල වූ පළමු ගුවන් ප්‍රහා­ර­යෙන් පසු ධවල මන්දි­රය නිවේ­ද­න­යක් නිකුත් කර තිබූ අතර, එම ප්‍රහා­ර­යට අමෙ­රි­කාවේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බව එහි සඳ­හන් වුණේ. ඉන් අනතුරුව ප්‍රහා­ර­යෙන් පසු අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරා­න­යට අන­තුරු අඟවා ඇත්තේ න්‍යෂ්ටික ගිවි­සු­මට වහාම එක්වන ලෙසයි. නොඑසේ නම් ඊශ්‍රා­ය­ල­යෙන් වඩාත් දරුණු ප්‍රහාර එල්ල වනු ඇතැ­යි ඔහු සඳහන් කර තිබූ බව වාර්තා වුණා. ඊශ්‍රා­යල ප්‍රහා­රය පසු­පස අමෙ­රි­කාව සිටින බවට චෝදනා කිරී­මට ඉරා­න­යට එම ප්‍රකා­ශය ප්‍රමා­ණ­වත් වූ අතර, ධවල මන්දි­රය එය ප්‍රති­ක්ෂේප කළ බවයි පවසන්නේ.

ගාසා තීරයේ නිරා­යුධ සිවිල් වැසි­යන් දහස් සංඛ්‍යා­වක් ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ඝාත­න­යට ලක්වෙද්දී මැදි­හත් රට­වල් විසින් එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක කවු­න්සි­ල­යට ඉදි­රි­පත් කරනු ලැබූ ගාසා තීරයේ සටන් විරාම යෝජ­නාව සිය නිෂේධ බලය යොදා ප්‍රති­ක්ෂේප කළ අමෙ­රි­කාව සිය සමී­ප­තම මිතුරා වන ඊශ්‍රා­ය­ලය වෙතින් ඉරා­න­යට එල්ල කළ ප්‍රහාරය සාධා­ර­ණීය කිරී­මට පෙළඹී සිටීම විම­ති­යට කරු­ණක් නොවන බව ජාත්‍ය­න්තර දේශ­පා­ලන විශ්ලේ­ෂ­කයන් සඳහන් කරනවා.

ඊශ්‍රා­යලයට ඉරා­න­යෙන් බැලැස්ටික් මිසයිල වැස්සක්

බැලස්ටික් මිසයිල

හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රා­ය­ල­යෙන් එල්ල වූ ප්‍රහා­ර­යට ප්‍රති­චාර වශ­යෙන් Honest Promise – 3 නමින් ඉරා­නය සිදු කළ මිස­යිල ප්‍රහා­ර­යෙන් ඊශ්‍රා­ය­ලයේ ටෙල් අවීව් හා ජෙරු­ස­ලම් නග­ර­ව­ලට දැඩි හානි සිදුවූ බව ඊශ්‍රා­යල මාධ්‍ය වාර්තා කරනවා. ඊට ප්‍රති­චාර වශ­යෙන් යළි යළිත් දෙපා­ර්ශ්වය අතර හුව­මාරු වූ මිස­යිල ප්‍රහා­ර­ව­ලින් ඉරා­නයේ ටෙහෙ­රාන් අග­නු­වර මෙන්ම ඊශ්‍රා­ය­ලයේ ජෙරු­ස­ලමේ නුව­ර ද ඉන්ධන මධ්‍ය­ස්ථාන විනාශ වී ඇතැයි වාර්තා පවසනවා.

තමන් වෙත ඉරානයෙන් එල්ල කරන ප්‍රහාර නොන­ව­ත්වන්නේ නම් ඊට දක්වන ප්‍රති­චාර දරුණු වනු ඇතැයි ඊශ්‍රා­ලය අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර ඇති අතර, ඊශ්‍රා­ය­ලය යුද මෙහෙ­යුම් නිමා­වට පත් නොක­රන්නේ නම් වඩාත් දරුණු ප්‍රහාර එල්ල කරන බවට ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන් ද අන­තුරු අඟවා තිබෙනවා.

තුන්වැනි දින­යේදී දෙරට අතර දරුණු සටන්

ටෙල් අවීව් නගරය

ඉරාන – ඊශ්‍රා­යල යුද ගැටුම් ඊයේ (15) තුන්වැනි දින­ය­ටත් ව්‍යාප්ත වී ඇති අතර, ඉරා­නයේ මෙන්ම ඊශ්‍රා­ය­ල­යේ නගර පුරා වරින්වර සයි­රන් හඬ පැතිරී ගිය බව වාර්තා වෙනවා. ඉරාන මිස­යිල ප්‍රහාර රැසක්ම ඊශ්‍රායල් Iron Dome ආර­ක්ෂණ පද්ධ­තිය මඟින් වැළැ­ක්වී­මට සමත්වූ බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කළත්, මිස­යිල රැස­කින් ජෙරු­ස­ලම් සහ ටෙල් අවීව් නුවර ගොඩ­නැ­ඟිලි විනාශ වී තිබෙන ඡායාරුප සහ වීඩියෝ දර්ශන සාක්ෂි දරනවා. යුද ගැටුම් ආරම්භ වීමෙන් මේ දක්වා කිසිදු පාර්ශ්ව­යක් පිය­ව­රක් පසු­ප­සට ගැනීම ප්‍රති­ක්ෂේප කර­මින් අඛ­ණ්ඩව ප්‍රහාර එල්ල කර­මින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරන්නේ.

දින දෙක­කදී ඉරා­නයේ 80ක් මරුට

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ගතවූ දෙදින තුළ ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ඉරා­නයේ පුද්ග­ල­යන් 80 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 800කට අධික බව වාර්තා වෙයි. ඒ අතර දරු­වන් 20 දෙනකු සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන ප්‍රහා­ර­ව­ලින් ඊශ්‍රා­ය­ලයේ පුද්ග­ල­යන් 13 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවත්, එරට ප්‍රධාන ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ තුන්වැනි දින­ය­ටත් වසා දැමුණු බවත් වාර්තා වෙනවා. හමුදා සහ න්‍යෂ්ටික මධ්‍ය­ස්ථාන පිහිටි ප්‍රදේ­ශ­ව­ලින් වහාම ඉවත් වන ලෙස ටෙහෙ­රාන් නුවර ජන­තා­වට ඊශ්‍රා­ය­ලය අන­තුරු අඟවා ඇතැයි ද වාර්තා වෙනවා.

මාධ්‍යවේදී ෆවුස් මොහො­මඩ් විසින් අද (16) දිනමිණ පුවත්පත වෙත ලියු ලිපියක් ඇසුරින්

#A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

Recent Post