පසුගිය මැයි 06 වෙනිදා පැවති 2025 පළාත් පාලන මැතිවරණයේ දී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූයේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ය. ඇය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තරග කළා. මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට හිමිව තිබුණේ ඡන්ද 81,814ක්. එය 36.92%ක ඡන්ද ප්‍රතිශතයක්. ඊට සභික ධුර 48ක් හිමි වුණා.
කොළඹ මහ නගර සභාවට තරග කළ කිසිඳු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි කර ගැනීම නොහැකි වීම හේතුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 16) පැවත් වුණේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්දය යි. මංගල සභා වාරයේ පැවති රහස් ඡන්දයෙන් ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ නාගරාධිපති ධුරයට පත්වුණා.
ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය යි. ඇයට පෙර ධුරය දැරූ රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය යි.
නගරාධිපති ධූරය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තිඹිරිගස්යාය කොට්ථාසය ජය ගත් ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් රිසා සාරුක්ගේ යෝජනා විය.
මෙතෙක් වැඩි ම කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය හෙඹ වූ එක්සත් ජාතික පක්ෂයට එහි පාලන බලය ගිලිහී යාම ද මෙවර සිදු වූ තවත් සුවිශේෂි සිදුවීමක්.
1985 වසරේ අප්‍රේල් මස 10 වන දා උපන් ව්‍රායි කැලී බල්තසාර් කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබෙනවා. උසස් පෙළ අවසන් කිරීමෙන් අනතරුව ඇය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් ලබාගත අයෙක්. එමෙන් ම ඇය කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක්. ඇය තවදුරටත් එම විෂය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාපති උපාධියක් ද හදාරමින් සිටියි.
දෙදරු මවක වන ඇය වසර දහයකට වැඩි කාලක් රූපවාහිනී ඉංග්‍රීසි භාෂා නිවේදිකාවක ලෙස කටයුතු කර තිබෙනවා. නගර සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කම්කරු අයිවාසිකම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව පර්යේෂිකාවක ලෙසත් ව්‍රායි කැලී බල්තසාර් කටයුතු කළ අයෙක්.
2018 වසරේ සිට විවිධ සංවිධාන සමඟ එක්වී කාන්තාවන් සහ ළමුන් පිළිබඳව සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර ඇති ව්‍රායි කැලී බල්තසාර් 2021 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයෙන් ක්‍රියාකාරිනියක්.
2023 වසරේ ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක කණ්ඩායම් නායිකාව ලෙස පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වූ ඇය 2024 වසරේ පැවති මහ මැතිවරණයට ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළා. එහිදී නැඟෙනහිර කොළඹ නියෝජනය කරමින් ඡන්ද 44,663ක් ලබා ගත් නමුත් එවර ඇයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වුණේ නැහැ. අනතුරුව මැයි 06 වෙනිදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමට ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකාව ලෙස, කොළඹ මහ නගර සභාවේ තිඹිරිගස්යාය කොට්ඨාසය නියෝජනය කරමින් ඡන්ද 2,094ක් ලබා ගෙන ජය ගත් ඇය අවසානයේ කොළඹ මහ නගර සභා ඉතිහාසයේ පත් වූ දෙවන පුරපතිනිය බවට අද පත් වුණා.
තොරතුරු මූලාශ්‍ර BBC වෙතින්
#A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews