2025 අයවැය කථාව

පූර්විකාව ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 2022 වසරේ දී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්‍යුහාත්මකයි. දූෂිත පාලනයන්, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් සහ වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වය මෙම අර්බුදයේ මූලයයි.මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස රටේ […]
එතෙර ඉපයූ දේ මෙරටට ආයෝජනය කළ BBQ Station

පසුගිය දිනෙක කොළඹ 5, කිරුළ පාරේ දී අවන්හලක් විවෘත කරනු ලැබුවා. එය මීට පෙර එතනම පිහිටි අවන්හලක් වූ අතර දැන් එය නව කළමනාකාරීත්වයක් යටතේ ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කළ අවන්හලක්. BBQ Station ලෙස එහි පැරණි නමින්ම වඩාත් නවීකරණය කර විවෘත කළ මෙම අවන්හල සංචාරක මණ්ඩලයේ F11 අනුමත අවන්හලක්. විශේෂත්වය වන්නේ මෙහි ආයෝජකයින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් […]
IRD ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි

දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ එය රුපියල් මිලියන 1,958,088ක් බවය. මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.
මුල්ම සතියේ කොටස් වෙළෙඳපොළ 7%කින් ඉහළට

ඊයේ (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබුණු අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 25.61 කින් ඉහළ යන ලදී. ඒ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,773.88 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,409.90 ක් ලෙසත් සටහන්ව තිබුණි. […]
ලෝක බැංකුවෙන් ජනපති අනුරට ලිපියක්

අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද […]
ජනපති අනුරට IMF අධ්‍යක්ෂිකාගෙන් ලිපියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇතැයි තම විශ්වාසය බව ද එම ලිපියේ සඳහන් වනවා. දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම […]
ජනපති හා මහ බැංකු අධිපති හමුවේ

ජනාධිපති අනුර දිසානායක සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැත්වූ බව වාර්තා වෙනවා. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද සහභාගී වූ බවයි කියන්නේ. රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පැවති බව කියන මෙම සාකච්ඡාවේ දී රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් […]
එල් සැල්වදෝරය දිනපතා Bitcoin එක බැගින් මිලදී ගනී, IMF අවධානයෙන්

එල් සැල්වදෝර් රාජ්‍ය මේ වසරේ මාර්තු 16 සිට සෑම දිනකම සම්පූර්ණ Bitcoin එක බැගින් මිල දී ගෙන ඇති ඇත. දැනට ඔවුන් සතු ගුප්තකේතන මුදලේ (Crypto) මුළු හිමිකම ඩොලර් මිලියන 360 ඉක්මවයි. ලැබී ඇති දත්ත අනුව, මධ්‍යම ඇමෙරිකානු කලාපයේ රටවල් සතුව Bitcoin 5,852ක් ඇති අතර, මෙම ලිපිය ලියන විට එහි වටිනාකම ඩොලර් මිලියන 377කි. මෙම සැලකිය යුතු […]