අමෙරිකාව පැනවූ තීරු බදු තවදුරටත් සංශෝධනයට ශ්‍රී ලංකාවට යලිත් සහනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා. ඊයේ (ජූලි 31) දින ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා ඇත. මින් පෙර ආරම්භයේ දී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය […]
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තීරණය

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණයට තීරණාත්මක ප්‍රතිචාරයක් ලෙස, උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකානු ආක්‍රමණයට සහ ජාත්‍යන්තර ප්‍රජාවේ නිහඬතාවයට ප්‍රතිචාර වශයෙන් ගෝලීය බලශක්ති වෙළඳාම සඳහා වන ප්‍රධාන මුහුදු මාර්ගය වසා දැමීමට Majlis (ඉරාන පාර්ලිමේන්තුව) එකඟ වී ඇති බව ජ්‍යෙෂ්ඨ ඉරාන නීති සම්පාදකයෙකු වන එස්මයිල් […]
කොළඹ ජනතාවට ලස්සන නගරයක් ප්‍රීතිමත් ජීවිතයක්

කොළඹ මහ නගර සභාව වගේ තැනක් පාලනය කිරීම විශාල අභියෝගයක්, ඒ වගේම ඔබ ආධුනික කෙනෙක්, මේ අභියෝගය ඔබ බාරගන්නේ මොන විදියටද? මෙතෙක්කල් දේශපාලනයේ හිටපු අයයි අපිවයි සංසන්දනය කරන්න සමහරු උත්සාහ කරනවා. ඒ අය අත්දැකීම් ගොඩක් තියෙන; දැනුවත්භාවය ගොඩක් තියෙන පිරිසක් කියලා අපි හිතනවා. නමුත් අපි කල්පනා කරල බැලුවොත් ඔවුන් හදපු නගරවල තමයි ඔබයි මමයි මේ […]
ඊශ්‍රායලය – ඉරානය මේ මොහොතේ කතාව

වසර 2023 අගභාගයේ සිට හමාස් සංවිධානය සමඟ යුද්ධයක පැටලී ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු නිරායුධ පලස්තීනුවන් දහස් සංඛ්‍යාවක් ඝාතනය කරමින් ද, ගාසාව අමු සොහොනක් බවට පත් කරමින් ද සිටින ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් ඉරානයත් කුපිත කර තිබෙනවා. එහි සැබෑ අවශ්‍යතාව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ සිය ආධිපත්‍යය පුළුල් කිරීම විය හැකි බව මැදපෙරදිග දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස […]
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත එළිදකියි

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත විද්වත් අදහස් සහ යෝජනා උදෙසා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට මුදා හරිනු ලැබ තිබෙනවා. ඒ සඳහා පත් කළ ස්වාධීන විද්වත් කමිටුවේ සාමාජික ස්වාධීන නාලක ගුණවර්ධන මහතා ඊයේ (09) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව සඳහන් කළා. මාධ්‍යවේදීන්, පරිශීලකයන් ඇතුළු සියලු ක්ෂේත්රවල මහජන අදහස් හා යෝජනා සඳහා මෙම කෙටුම්පත […]
ටිල්වින් සිල්වා චීනයේ සංචාරයක

චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ දිනවල එරට සංචාරයක නිතරව සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේ දි පැවැත්වූ බව වාර්තා වෙනවා. එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය […]
ගාසා වෙත යමින් තිබූ මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායල් අත්අඩංගුවට

ගාසා තීරය වෙත ආහාර සහ ඖෂධ රැගෙන යමින් තිබූ Madleen (මැඩ්ලීන්) නම් නෞකාවට ඊශ්‍රායල හමුදාව ගොඩවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ බව මෙම ගමන සංවිධානය කළ Freedom Flotilla Alliance (නිදහස් ෆ්ලෝටිලා සන්ධානය) තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. සිය නෞකාවේ සම්බන්ධතා නැති වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. ගාසා හී ප්‍රදේශයකට ළඟා වන […]
සිරකරුවෙකු නිදහස් කිරීමට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළා. 2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් […]
‘එහිම සුදුමැලි පිටපතක්’ එළිදකියි

මාලක දේවප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘බහුචිතවාදියා’ පදනම් කර ගනිමින් ජර්මානු විඥානවාදය, මාක්සියානු දේශපාලන ආර්ථික විද්‍යාව සහ ෆ්‍රොයිඩියානු-ලකානියානු මනෝවිශ්ලේෂණය හරහා කියවීමට ගන්නා උත්සාහයක් ලෙස තිලක් කෝදාගොඩ ලියා එළි දක්වා තිබෙන නවතම කෘතිය වන ‘එහිම සුදුමැලි පිටපතක්’ එළඹෙන 11 වෙනිදා එළිදැක්වේ. බොරෝමියානු ගැටයේ එක් ක්ෂේත්‍රයක් වන ‘මාක්ස්මය දේශපාලන ආර්ථිකය’ ගැන හා එහි ඇති සීමා ගැන මෙන්ම […]
පොදු සංවර්ධන සහයෝගීතාය ශක්තිමත් කරන සංවාදයක්

‘ගෝලීය වෙළද පටිපාටිය සුරකිමින් පොදු සංවර්ධන සහයෝගීතාය ශක්තිමත් කරමු’ යන මැයෙන් සංවාදයක් පසුගියදා කොළඹ දී පවත්වා තිබුණා. එය සංවිධානය කර තිබුණේ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින්. වත්මන් ලෝකය මුහුණ දී ඇති අවිනිශ්චිත තත්ත්වයන් මෙන්ම ඉන් ඇති කරන බලපෑම එහිදී සාකච්ඡාවට ලක්වුණා. වත්මන් අභියෝගාත්මක පරිසරය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපාන අතර […]