ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත විද්වත් අදහස් සහ යෝජනා උදෙසා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට මුදා හරිනු ලැබ තිබෙනවා. ඒ සඳහා පත් කළ ස්වාධීන විද්වත් කමිටුවේ සාමාජික ස්වාධීන නාලක ගුණවර්ධන මහතා ඊයේ (09) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව සඳහන් කළා.
මාධ්‍යවේදීන්, පරිශීලකයන් ඇතුළු සියලු ක්ෂේත්රවල මහජන අදහස් හා යෝජනා සඳහා මෙම කෙටුම්පත ලබන ජූලි 10 වැනිදා දක්වා විවෘතව තැබෙන බවයි කියන්නේ.
කෙටුම්පත සහ එහි ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වූ නාලක ගුණවර්ධන මහතා පවසන්නේ මෙම කෙටුම්පත සහ ඊට සමබන්ධ කමිටුව සකස් කරන්නේ මාධ්‍ය ප්‍රතිපත්තියක් පමණක් බවයි. මෙම කමිටුවට සාමාජිකයන් විසි තුන් දෙනෙක් ඇතුළත්ව සිටි බව ඔහු සඳහන් කරනවා. ඊට නිල බලයෙන් සාමාජිකයන් දහ දෙනෙක් ඇතුලත් බව පැවසෙනවා.
“අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්, කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ස්වාධීන මාධ්‍ය විශ්ලේෂකයන් ඇතුළු කිහිප දෙනෙක් ද මෙම කමිටුවට ඇතුළත් වුණා. මෙම කමිටුව රැස්වීම් ගණනාවක් හරහා කොළඹ සහ උතුරු නැඟෙනහිර ප්‍රදේශවලත් මාධ්‍ය සම්බන්ධ විශ්ලේෂණ කටයුතු සිදු කළා.
දැනට අප හමුවේ තිබෙන මූලික කෙටුම්පත සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත මුදාහරිනු ලැබුවා.
මේක ප්‍රතිපත්තියක්. නීතියක් නෙවෙයි. ඒ වගේම ආචාරධර්ම පද්ධතියක් නෙවෙයි. සංකල්පීය වශයෙන් මාර්ගෝපදේශ ලබා දෙන රාමුවක් පමණයි. දැනට මෙම සංකල්පීය රාමුවට යෝජනා ඇතුළත් වෙලා තිබෙනවා. ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි යන්න මෙමඟින් පැහැදිලි ලෙස දක්වා තිබෙනවා. ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිර්දේශ ආකෘතියට අනුගත වෙමින් ඊට අදාළ ප්රකාශනය සකස් කරනවා.
මෙම කෙටුම්පතේ අවසන් කෙටුම්පත සකස් වූ විට මාධ්‍යය ක්ෂේත්‍රයට අදාළව සමාලෝචනය සිදු කිරීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය හැකියි.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මාධ්‍ය නිදහස ද ඇතුළු භාෂණයේ නිදහසට ඇති මූලික අයිතිය සහ මාධ්‍ය වගකීම, වගවීම මහජන සුබසිද්ධිය රැකගැනීමේ අවශ්‍යතාව තුලනය කරගැනීමට රටකට මඟපෙන්වන ඉහළ සංකල්පිය රාමුවයි. හොඳින් සැකසූ මාධ්‍ය ප්රතිපත්තියකින් මාධ්‍ය බහුත්වවාදය ප්‍රවර්ධනය කිරීම තුළින් මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ විවිධ මත ප්‍රකාශ වීමත් විවිධ පැතිකඩ නිරාවරණය වීමත් සිදු වෙනවා.
පුළුල් පරාසයක තොරතුරු සහ මත දැනගැනීමේ අවස්ථා මාධ්‍ය ප්‍රේක්ෂකයන්ට විවර කරගැනීමට හැකි වන නිසා මාධ්‍ය බහුත්වවාදය ප්රජාතන්ත්රවාදී වාතාවරණයක අත්‍යවශ්‍ය සාධකයක්. මෙතෙක් ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඉදිරි ගමන සහ පරිණාමය මන්දගාමී වීමටත් තාක්ෂණය ජන විකාශනය සහ වෙළෙඳපොළ වෙනස්වීම්වලට නිසි කලට අනුගත වීමට මධ්‍ය කර්මාන්තයට ඇති හැකියාව සීමා වීමටත් හේතු වී තිබුණා.
ඒ වගේම මාධ්‍ය ප්‍රතිපත්ති රාමුවක් නොමැති බව නිසා ආචාරධර්ම ප්‍රවෘත්ති කලාව ගුණාත්මකභාවයකින් යුත් විනෝදාස්වාදය සැපයීම සහ සමාජයට වගකීම වගවීම සහ ඉහළ මට්ටමේ වෘත්තීයභාවයක් සාක්ෂාත් කරගැනීම දුෂ්කර වී තිබෙනවා. ජාතික මාධ්‍ය ප්රතිපත්තියකට භාෂණය නිදහස ද යම් ආකාරයකින් ප්‍රවර්ධනය කළ හැකියි.
පළමුව ස්වාධීන මාධ්‍ය මනා පැවැත්ම සාක්ෂාත් කිරීමේ අවශ්‍ය නීතිමය රැකවරණය, සීමා නිර්ණය කිරීමට මාධ්‍ය ප්රතිපත්තියකට හැකියාව ලැබෙනවා. මේ හරහා මහජන සුබසිද්ධිය තකා ජනමාධ්‍යවේදීන්ට තම වෘත්තිය නියමාකාරයෙන් කරගෙන යෑමට ඇති අයිතිය රාජ්‍ය සහ සමාජ යන අංශවලින් පැහැදිලිව පිළිගනු ලබනවා.
දෙවනුව නියාමන අවශ්‍යතා සහ ආචාරධර්ම ප්‍රමිතීන්ට අනුගතව කටයුතු කිරීමේදී මාධ්‍ය වෘත්තිකයන්ගේ සහ ඔවුන්ගේ ආයතනවල වගකීම් කවරේදැයි මාධ්‍ය ප්‍රතිපත්තියට පැහැදිලි කර දිය හැකියි. මේ කෙටුම්පත සකස් කිරීමේ දී ජනමාධ්‍යවේදීන් පිළිබඳව මෙන්ම පාඨකයන් සම්බන්ධ කරුණු පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කොට තිබෙනවා.
පොදුවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවා සපයන පූර්ණකාලීන අර්ධකාලීන නිදහස් මාධ්‍යවේදීන් ප්‍රාදේශීය වාර්තාකරුවන් හෝ කුමන ආකාරයේ හෝ මාධ්‍ය ක්ෂේත්‍රයට දායකත්වය සපයන බද්ධ වූ සියලු දෙනාගේම රැකියා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලැබුවා. ඒ වගේම සාධාරණ සුදුසු වැටුප් සහ හිතකර පරිසරයක්, වාතාවරණයක් තිබිය යුතුයි කියන එකත් පිළිගන්නවා. මාධ්‍ය කර්මාන්තයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන තිබෙනවා. පෞද්ගලික ආයතනවලට බලහත්කාරකම් කරන්නට පුළුවන්කමක් නැහැ. ප්රතිපත්තියකට පුළුවන් මේ තමයි ප්‍රශස්ත තත්ත්වය කියලා නිර්දේශ කරන්න. එම නිර්දේශ ක්‍රියාත්මක කර යුත්තේ මාධ්‍ය කර්මාන්තය විසින්”
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය මූලික කෙටුම්පත සඳහා පිවිසෙන්න : https://media.gov.lk/email-us/national-media-policy
#A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews