තේ වගාව, වැසි වනාන්තර සහ පාරිසරික ගොවිතැන සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වැසි වනාන්තර ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කරමින් තේ වගා බිම් ව්‍යාප්ත කරමින් තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති ගැටළු මැඩපැවැත්වීමට ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෝස්ටර් දෙකක් නිර්මාණය කර […]
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති ලංකාවට එයි

නිල සංචාරයක් සඳහා අද (03) පෙ.ව 12.10ට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මෙරටට පැමිණියා. බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඔහු පිළිගනු ලැබුවේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල විසින්. රිචඩ් මාලස් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට […]
හය වසරකට පස්සේ ආයෙමත් රැස්වෙන ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, සංක්‍රමණීකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration – IOM) සහ ඔස්ට්‍රේලියානු හා කැනඩා රජයේ අනුග්‍රහයෙන් මීට දශකයකට පමණ ඉහතදී හඳුන්වාදෙන ලද සමෝධානික දේශසීමා ආරක්‍ෂණ මූලෝපාය (Integrated Border Management Strategy) එවකට දේශසීමා හරහා මෙරටට ඇතුළු වූ විවිධාකාරයේ තර්ජන සඳහා විසඳුම් යෝජනා කර තිබුණා. ඒ ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්‍ෂණය තහවුරු කිරීම උදෙසා […]
මාලිනීගේ වියෝවෙන් පසු ගෙවුණු දින ගැන සමනලීගෙන් සටහනක්

කලක් රෝගාතුරව සිට පසුගිය දා වියෝ වූ මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිණිය සහ තමන් පිළිබඳවත් ආසන්න දින කිහිපය තුළ ඇතැම් පිරිස් ගෙනගිය ප්‍රචාරයන් පිළිබඳවත් රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා විසින් සිය FB හී සටහනක් තබා තිබෙනවා. හෘදය සංවේදී එම සටහන තුළ තමාත්, තමන්ද ඇතුලත් ෆොන්සේකා පවුල පිළිබඳවත්, තම දේශපාලන භාවිතාවන් පිළිබඳවත් සහ වියෝ වූ රංගන ශිල්පිණී මාලිනී […]
‘දලුලන්න ඉඩදෙන්න’ ජාතික පරිසර සතිය අදින් ආරම්භ වෙයි

ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්යංශය මුලිකත්වයෙන් පරිසර සතියක් සංවිධානය කර තිබෙනවා. දලුලන්න ඉඩදෙන්න යන්න තේමාව කරගනිමින් අද (මැයි 30) සිට ජුනි 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක මෙම පරිසර සතිය පුරා දින හතම වෙනස් වෙනස් මාතෘකා ඔස්සේ නම්කර තිබෙනවා. ඒ අනුව, මැයි 30 – ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය මැයි 31 – වායු දූෂණය හා එහි අහිතකර […]
මුලතිව් හී චන්ද්‍රන් නගර් ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මුලතිව් හි චන්ද්‍රන් නගර් ආදර්ශ ගම්මානය පසුගිය දා විවෘත කර තිබුණා. ඒ ප්‍රතිලාභී පවුල් විසි හතරක් සඳහා යි. උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකානාදන් සමඟ මුලතිව් දිස්ත්‍රික් ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති […]
ආරක්‍ෂක අමාත්‍යංශයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක දුෂණ විරෝධී ජාතික සැලැස්ම යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම ඊයේ (20) දින සිදුවූ බව වාර්තා වෙනවා. මේ පිළිබඳව ඊයේ දිනයේ දී එම අමාත්‍යංශය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. මේ එම සම්පූර්ණ නිවේදනය යි. “ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල […]
“වැඩකරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා” ජවිපෙ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරයේ දී කළ කතාව

“අපේ පක්ෂයට මැයි මස 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කතාවක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරී මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් යනු දිගු ඉතිහාසයක්. සිදුවීම සමුදායක්. විශාල අවස්ථා ප්‍රමාණයක්. […]
‘අපි දිනුම්; ඒ ගැන දෙගිඩියාවක් නැහැ’ ජවිපෙ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ මැතිවරණයෙන් ආරම්භ වී පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීධුර 159ක් ගත්ත ජාතික ජන බලවේගය අවසන් වූ පළාත් පාලන ඡන්දයේ දී ලැබූ ප්‍රතිඵලය ගැන ඔබේ අදහස කුමක්ද? කෙටිම සහ වගකීමෙන් දෙන පිළිතුර තමයි ‘මාලිමාව දිනුම්’ කියන එක. ඒ ගැන අපිට අබමල් රේණුවක සැකයක් නැහැ. වෙනත් කිසිවෙකුත් […]
කලාපීයවාදය ඉතා වැදගත් – රනිල් වික්‍රමසිංහ

ඉන්දීය සාගර කලාපයේ සංවර්ධනය සහ කාශ්මීරයේ ත්‍රස්තවාදයට පිළියම් යෙදීම එකවර ප්‍රගතියට පත් විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ දී පවසා තිබෙනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ ‘ද හින්දු’ පුවත්පතේ පස් වැනි සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන උත්සවයකට එක්වෙමින්. මෙම උත්සවයට කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී […]