ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජනායගම් භාරතී දිවි සැරිය නිමා කරයි

මෙරට ප්‍රවීණ දෙමළ ජාතික මාධ්‍යවේදියෙකු වූ රාජනායගම් භාරතී සිය දිවි සැරිය නිමා කර තිබෙනවා. මිය යන විට හැට තුන් වියේ පසුවූ ඔහු රෝගාතුරව මාස කිහිපයක් රෝහල් ගතව සිටියා. රෝහලෙන් නික්ම සිය නිවෙසට පැමිණ දින කිහිපයකින් අනතුරුව අවසන් සුසුම් හෙළුවේ මීට දින කිහිපයකට පෙර පෙබරවාරි නම වැනිදා යි. හතළිස් වසක මාධ්‍ය ජීවිතයකට හිමිකම් කියන භාරතී මිය […]

ජනාධිපති අනුර යලිත් දිවයිනට

ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) යලි දිවයිනට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි ශ්‍රී ලංකාව යි අතර අලුත් ගිවිසුමක්

ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව යි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම […]

ලෝක රාජ්‍ය සමුළුවේ දී ජනාධිපති අනුර කළ සම්පූර්ණ කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී පැවති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ඊයේ (12) දිනයේ පවසා තිබුණේ ‘ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු’ යනුවෙනු යි. සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් සහ එහි නියෝජිතයින් ඉදිරියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාව මෙසේයි. “ගෞරවනීය රාජ්‍ය නායකයිනි, විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිතවරුනි, සම්භාවනීය […]

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිංහල ජාතක කතා පොත් එළි දක්වයි

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනය යෙදී තිබූ ඊයේ (12) දින කැලණිය රජ මහා විහාරයේ දී එළි දක්වා තිබුණා. ඉන්දියාවේ විශාලතම චිත්‍ර කතා පොත් ප්‍රකාශන ආයතනය වන අමර් චිත්‍ර කතා ආයතනය විසින් සිංහලට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම ජාතක පොත් […]

සමන් දේවාලයේ ඡන්දය අත්හිටුවයි

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා අද (11) දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ එහි නිලවරණය  පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. අදාළ […]

UAE ගිය ජනාධිපති අනුර ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (10) පස්වරුවේ ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේ දී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවී තිබෙනවා. ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි යනු රාස් අල් කයිමා හි පිහිටි ආයෝජන සමාගමක් වන Master Investment Group (MIG) හි ප්‍රධාන විධායක නිලධාරියා යි. ඔහු එක්සත් අරාබි එමීර් […]

ඩේසි ආච්චිටයි යෝෂිතටයි එරෙහිව නඩු පැවරෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සොහොයුරාද වන යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබෙනවා, ඒඔහු වෙත ලැබී ඇති බව කියන මුදල් සම්බන්ධවයි. එම මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පවරන බවයි වාර්තා වන්නේ. […]

ජනපති අනුර එක්සත් එමීර් රාජ්‍යයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මෙහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක් වී සිටිනවා. ඔවුන් අද (10) […]

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (10) පෙරවරුවේ වරෙන්තු නිකුත් කළ අතර පසුව එය ආපසු කැඳවීමට නියම කළාය. අධිකරණ කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ වන බැවින් නියමිත වෙලාවට අධිකරණයට […]