Clean Sri Lanka ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩ නගන ව්‍යාපෘතිය

Harini Amarasooriya

Clean Sri Lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා […]

උමා ඔයෙන් අසරණ වූවන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මීට අමතරව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමටත් තීරණය ඛල බව ද අමාත්‍යවරයා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම […]

රිලව් නිසා දිවයින පුරා විදුලිය බිඳ වටෙයි

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය පවසනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ දිවයින පුරාම විදුලිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බවයි. විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් එම බිඳවැටීම සිදුව ඇති බවත් සඳහන්. […]

ගිනි අවියක් සහ උණ්ඩ කිහිපයක් සමඟ පොලිස් නිලධාරියෙකු පළා යයි

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පළා ගොස් තිබේ. අදාළ කොස්තාපල්වරයා විසින් ඊයේ (08) රාත්‍රි මාර්ග බාදක රාජකාරි සඳහා පිටත්ව යාමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ 30ක් රැගෙන පිටත්ව ගොස් ඇති බවද පොලීසිය පවසයි. කෙසේ වෙතත් අදාල නිලධාරියා මාර්ග බාදක රාජකාරීයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු පිළිබඳව සොයා බැලීමේදි ඔහුගේ […]

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පස්වරුවේ සම්මත වුණා. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක විසින්. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ, මෙම යෝජනාව මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර, මෙවර ද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සඳහා […]

නාමල් ගැන කියවෙන ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ, කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ගොස් තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක යොදවා තිබූ අතර වාර්තා වුණේ එම ගොඩනැගිල්ලේ 35 වන මහලෙන් ගින්න ආරම්භවී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති උපදෙස් අනුව මෙම ගොඩනැගිල්ල සම්බන්ධව ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව […]

පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ විමර්ශන ගැන ගම්මන්පිලගෙන් බලපෑම් එපා

2019 අප්‍රේල් 21වැනි දා පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වත්මන් රජය යටතේ නිසියාකාරව සිදුකරන බව පෙනී යන බව කොළඹ අගරදගුරු පාර්ශ්වයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසනවා. එනිසා එම විමර්ශනවලට බලපෑම් නොකරන ලෙස උදය ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. මෙම ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අගරදගුරු නිල නිවසෙහි […]

මිලියන 70ක ගනුදෙනුවක් ගැන නාමල්ට නොතීසි

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. ඒ පිළිබඳව කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර […]

සුජීවට මිලියන 250ක් ගෙවන්න සී.බී. රත්නායකට නියෝගයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අද (05) දින ගල්කිස්ස දිසා අධිකරණය විසින්. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක තීන්දුව ලබා […]

USAID අරමුදල් නතර කිරීම ශ්‍රී ලංකාවට බලපායි, විදේශ මැදිහත්වීම් අඩු වීමේ සලකුණු?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90ක සමාලෝචනයක් සඳහා USAID අරමුදල් සපයන සියලුම ව්‍යාපෘති නවතා දැමීමට විධායක නියෝගයක් නිකුත් කර ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සහ රජයේ වැඩසටහන් අවුල් සහගත වී ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ(Marco Rubio) විසින් ප්‍රකාශයට පත් කරන ලද අරමුදල් නවතා දැමීම, රැකියා දහස් ගණනක් අවදානමට ලක් කර […]