1971 අප්‍රේල් සමරු දේශනය

1971 අප්‍රේල් 05 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සිදුවූ මෙරට පළමු අරගලයේ 54 වෙනි සැමරුම පසුගිය දා පවත්වනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණ විසින් සැමරුම් තුනක් පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගී වූ සමරු උළෙල පවත්වනු ලැබුවේ අනුරාධපුරය දී යි. මේ ඔහු එහිදී කළ සම්පූර්ණ සමරු දේශනය යි.   “අද අපි එකතු […]

ට්‍රම්ප්ට සහ ඊලෝන් මස්ක්ට එරෙහිව විරෝධතා ඇරඹෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුලත්ව ස්ථාන 1,200ක ඊයේ (05) දිනයේ දී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු […]

අගමැති මෝදි සංචාරය අවසන් කර තමිල්නාඩුව බලා පිටත් වෙයි

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියා. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (06) එක්වීමට නියමිත අතර ඒ සඳහා යි ඔහු මෙරට සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගියේ. මෙරටින් පිටත්වීමට පෙර සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට […]

අනුර – මෝදි මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කරයි

අනුරාධපුරය නගරය වෙත පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කර තිබුණා. ඒ ජනාධිපති අනුරදිසානායක සමඟ එක්ව. දෙදෙනා ඒ මොහොතේ අසල සිටි සාමාන්‍ය දුම්රිය මගීන් වෙත ආචාරයත් පළකර තිබුණා.

අගමැති මෝදි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳියි

මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ එක්ව  අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තා. උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති  පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරතව තිබුණා. තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 […]

‘මගේ මිත්‍රයා සමඟ මම අනුරාධපුරයේ’

මෙරට සංචාරයේ නියුතු ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුරයේ සංචාරයක නිරත වෙනවා. කොළඹ සිට ගුවනින් අනුරාධපුරයට ගිය ඉන්දීය අගමැතිවරයා එතැන් සිට අනුරාධපුර සංචාරයේ යෙදෙන්නේ මෝටර් රථයෙන්. ජනාධිපති අනුර දිසානායක සමඟ එක්ව එකම රියෙහි ගමන් ගන්නා ඉන්දීය අගමැතිවරයා ඒ පිළිබඳව සිය FB හී සටහන් කර තිබෙනවා. “මගේ මිත්‍රයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අනුරාධපුරයේ” […]

ඉන්දීය අගමැති මෝදී ගුවනින් අනුරාධපුරයට

ජනාධිපති අනුර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදී අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟාවී තිබෙනවා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු  මහකොමසාරිස් සංතෝෂ් ජා විසින් අග්‍රාමාත්‍යවරයා එහිදී […]

ඇමෙරිකා තීරු බදු ගැන ජනාධිපති අනුර සාකච්ඡාවක

ඇමෙරිකා එක්සත් ජනපද විසින් ප්‍රකාශයට පත්කළ නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර දිසානායක අතර සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. මෙම තීරු බදු පැනවීම හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව […]

ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරයේ සහයට පිටත්ව යයි

පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් ඊයේ (අප්‍රේල් 05) විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛව යි. ජනාධිපති අනුර දිසානායකගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ පූර්ණ අධීක්‍ෂණය […]

අගමැති මෝදි 96 ක්‍රිකට් වීරයන් හමුවෙයි

1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුව තිබෙනවා. “1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ එක්වීම සතුටකි. මෙම කණ්ඩායම අති මහත් ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ හදවත් දිනා ගත්තේය” යි මෙම හමුව පිළිබඳව සිය X ගිණුමෙහි අග්‍රාමාත්‍යවරයා සටහන් කර තිබෙනවා.