අගමැති මෝදි සංචාරය අවසන් කර තමිල්නාඩුව බලා පිටත් වෙයි

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියා. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (06) එක්වීමට නියමිත අතර ඒ සඳහා යි ඔහු මෙරට සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගියේ.

මෙරටින් පිටත්වීමට පෙර සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබුණා.

මේ එම සටහනයි;

“මගේ සංචාරයේ දී ලබා දුන් උණුසුම වෙනුවෙන් ජනාධිපති දිසානායක මහතාට, ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට මම බෙහෙවින් කෘතඥ වෙනවා.

කොළඹ හෝ අනුරාධපුරයේ වේවා, මෙම සංචාරය අපගේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර තිබෙනවා. එය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇත” යි ඉන්දීය අගමැතිවරයා පවසනවා.

Recent Post