මෙරට සංචාරයේ නියුතු ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුරයේ සංචාරයක නිරත වෙනවා. කොළඹ සිට ගුවනින් අනුරාධපුරයට ගිය ඉන්දීය අගමැතිවරයා එතැන් සිට අනුරාධපුර සංචාරයේ යෙදෙන්නේ මෝටර් රථයෙන්. ජනාධිපති අනුර දිසානායක සමඟ එක්ව එකම රියෙහි ගමන් ගන්නා ඉන්දීය අගමැතිවරයා ඒ පිළිබඳව සිය FB හී සටහන් කර තිබෙනවා.
“මගේ මිත්‍රයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අනුරාධපුරයේ” යි ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි එම සටහනේ පවසනවා.