යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරුණු මේ වනවිට අනාවරණය වී තිබෙනවා. රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපතිවරයා විසින් පසුගිය 23වනදා […]

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා අයකල මුදල රු. 2000ක් දක්වා ඉහළට

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ මුදල රුපියල් 2000 දක්වා ඉහළ දැමීමට අද රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි, එම කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ. මේ අනුව මෙතෙක් උදෑසන ආහාරය සඳහා අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් […]

දුම්කොළ සමාගමේ ලාභය 400%කින් ඉහළට

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ, මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ […]

අයථා ලෙස මුදල් වැය කළ වරාය නිලධාරියෙක් ගැන පැමිණිල්ලක්

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ විසින් ඊයේ (23) දිනැතිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවෙ කොමසාරිස් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත්තේ හිටපු වරාය කළමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් ජයන්ත විසින් ඔහුගේ ධුර කාලය තුළ දී සිදුකර ඇති බව කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසයි. […]

අනුර යාපා CID අත්අඩංගුවට

2014 වසරේ ගංවතුර සහනාධාර රුපියල් මිලියන 6.1 ක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රවාහන විෂය භාර ඇමති කෝච්චියේ වැඩට ඇවිත්

අද(ජන 20) උදෑසන 7.13 ට  මොරටුවෙන් යන කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා ගමන් කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා කිසිඳු දැනුම්දීමකින් තොරව ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටළු හඳුනාගෙන තිබෙනවා. සාමාන්‍ය මගියෙකු ලෙස ගිය මේ ගමනේදී බොහෝ මගී ජනයා සේම  හිටගෙන ගමන් කළ අතර […]

වික්ටර් අයිවන් ජීවිතයෙන් සමුගනියි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද සන්ධ්‍යාවේ මිය ගොස් තිබේ. කලක් අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මිය යනවිට 76 වසරක්.  මජුවානා කංකානමගේ වික්ටර් අයිවන් ලෙස ඔහු උපන්නේ 1949 ජුනි 26 වෙනිදා යි. පසු කලෙක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් 1971අරගලයට සම්බන්ධ වූ අයෙක්. එහිදී ඔහු හඳුන්වනු ලැබුවේ පොඩි අතුල නමින්. 1971 නැගිටීම පිළිබඳ අපරාධ යුක්ති […]

චීන සංචාරයෙන් ශ්‍රී ලංකා – චීන නව යුගයක් අරඹයි

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය තුළ ඵලදායී ප්‍රගතීන් ලැබී ඇති බව චීනය පවසයි. දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කළ ප්‍රථම චීන සංචාරය මෙය වූ අතර, ඉන් චීන-ශ්‍රී ලංකා සබඳතාවට වැදගත්කමක් එක් කළ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo-Jia-kun මහතා ඊයේ(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. පසුගිය 15 […]

ත්‍රිවිධ හමුදා පවුල් පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක්

යුද්ධයේ දී මියගිය සහ රණක්‍ෂිතයට පත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අයගේ සුබසාධනය හා පවතින ගැටළු විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විශේෂ සාකච්ජාවක් පැවැත්වී තිබෙනවා. මින් පෙර පැවති සාකච්ඡා වලදී එළඹි තීරණ වලට අනුව, මේ දක්වා ලබා ගෙන ඇති ක්‍රියාමාර්ග […]

ඉන්දීය ආධාරයෙන් ඉදිකළ කිලිනොච්චියේ නිවාස ප්‍රතිලාභීන්ට ලබා දෙයි

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. සන්තෝෂ් ජා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක එක්ව කිලිනොච්චිය, තිරුවල්ලුවාර්, කුඩිඉරුප්පු ආදර්ශ ගම්මානය පසුගිය දා විවෘත කළහ. එහිදී ප්‍රතිලාභී පවුල් 24ක් වෙත එම නව නිවාස පවරාදුන් බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් ද එක්ව තිබේ. මෙම අවස්ථාවට […]