ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනපති ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිළිගන්වා තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර දිසානායක අතර අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුවයි මෙරට ජනාධිපතිවරයා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙම සම්මානය පිළිගැන්වූයේ.