අගමැති මෝදි කඳුකරයේ දෙමළ පක්ෂ නියෝජිතයින් හමුවෙයි

වසර 200ක් පුරා මෙරට ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවගේ නායකයන් සමඟ ඵලදායි හමුවක් පැවැත්වූ බව ඔවුන් හමුවීමෙන් පසු ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි සඳහන් කරනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසනවා.

“ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවගේ නායකයන් සමඟ ඵලදායි හමුවක් පැවැත්විණ. මෙම ප්‍රජාව වසර 200කට අධික කාලයක් පුරා දෙරට අතර ජීවමාන පාලමක් ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීම, සෞඛ්‍ය සේවා පහසුකම්, සීතා එළිය කෝවිල් පුද බිම සහ වෙනත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාව සහය ලබා දෙනු ඇත”

Recent Post