ඉන්දීය අගමැති මෝදී ගුවනින් අනුරාධපුරයට

ජනාධිපති අනුර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදී අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟාවී තිබෙනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු  මහකොමසාරිස් සංතෝෂ් ජා විසින් අග්‍රාමාත්‍යවරයා එහිදී මහත් හරසරින් පිළිගනු ලැබූ බවයි කියන්නේ.

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී  ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

Recent Post