ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්යංශය මුලිකත්වයෙන් පරිසර සතියක් සංවිධානය කර තිබෙනවා. දලුලන්න ඉඩදෙන්න යන්න තේමාව කරගනිමින් අද (මැයි 30) සිට ජුනි 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක මෙම පරිසර සතිය පුරා දින හතම වෙනස් වෙනස් මාතෘකා ඔස්සේ නම්කර තිබෙනවා.
ඒ අනුව,
මැයි 30 – ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය
මැයි 31 – වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය
ජුනි 01 – පරිසර පවිත්‍රතාව පිළිබඳ දැනුවත් කිරීමේ දිනය
ජුනි 02 – ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය
ජුනි 03 – ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය
ජුනි 04 – වෙරළ කලාප පවිත්‍ර කිරීමේ දිනය
ජුනි 05 – රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම ලෙස එම දින වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් 2025 ලෝක පරිසර දිනයවන මැයි 5 නම්කර ඇත්තේ ‘Ending Plastic Pollution’ යන ගෝලීය තේමාවෙන්.
එය විසින් ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට අපේක්ෂිත යි.
ශීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිත කර ලෙස බලපාන බරපතල ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර දැනට ගෝලීය වශයෙන් එම නිෂ්පාදනය වසරකට ටොන් මිලියන 430 ක් පමණ වේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙරටේ දී වර්තමාන රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන Clean Sri Lanka වැඩසටහනේ පරිසරය කුළුණ යටතේ පරිසරයට ආදරය කරන සමාජයක් බිහිකිරීම ප්‍රධාන අපේක්ෂාව වන අතර එම අදහස පදනම් කරගෙන මෙම ‘ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන්’ 2016 අප්‍රේල් 28 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුවයි ‘ජාතික පරිසර සතිය’ නම්කර ඇත්තේ. ඒ අනුවයි අද, මැයි මස 30 දින සිට ජූනි 05 දින දක්වා සතිය ‘ජාතික පරිසර සතිය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ.
ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍ර, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව මෙවර පරිසර දින ජාතික වැඩසටහන සිදු කරනු ලබනවා.
පරිසර දිනය සැමරීමෙන් අවසන් නොවී මෙම වසර පුරාවට පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයෙකු වන ‘බන්දුල පෙතියා (Puntius bandula)’ සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මෙම පරිසර සතිය තුළ දී සිදුකෙරෙයි. ඒ සමඟම නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීමද ‘ජගත් පරිසර දින ජාතික සැමරුම’ සිදුකෙරෙන 2025.06.05 වන දින උදෑසන 8.30 ට සිදුකෙරෙයි. එය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් ලබා දෙන තොරතුරු පදනම් කරගෙන ලෝක සංරක්ෂණ සංගමය ගෝලීය වශයෙන් ද රතු දත්ත ලේඛනයක් (The Global IUCN Red List) නිකුත් කර තිබුණා. 2020 ජාතික රතු දත්ත ලේඛනයට අනුව ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 12 දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

ඒ අතරින් ‘බන්දුල පෙතියා (Puntius bandula)’ දක්නට ලැබෙන ලෝකයේ එකම ස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ගලපිටමඩ, මිනීමරුකොලනිය ප්‍රදේශය යි. එම ප්‍රදේශයෙන් ගලා යන දොළ පහර දෙකක ඉතා සීමිත ප්‍රදේශයක පමණක් එම මත්ස්‍යයා ද දක්නට ලැබෙන බවයි පරිසරවේදීන් පවසන්නේ.
ව්‍යාප්තිය සහ තර්ජන සැළකීමේදී ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයන් අතරින් වඩාත්ම තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂය වන මෙම ‘බන්දුල පෙතියා (Puntius bandula)’ බව සඳහන් කරන්නන් පවසන්නේ එම මත්ස්‍යාගේ සීමිත වාසස්ථානයට හානියක් වුණොත් එම ආවේනික සත්වයා සදහටම මිහිමතින් නැතිව යනු ඇති බවයි. එසේ හෙයින් මෙවර පරිසර සතිය තුළදී එම ආවේනික මත්ස්‍යයා රැක ගැනීම වෙනුවෙන් එම මත්ස්‍යයන් ජීවත්වන කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉතා වැදගත් පාරිසරික කාර්යයක් බව සඳහන් කරනවා.