ජාතික ජන බලවේගයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ මැතිවරණයෙන් ආරම්භ වී පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීධුර 159ක් ගත්ත ජාතික ජන බලවේගය අවසන් වූ පළාත් පාලන ඡන්දයේ දී ලැබූ ප්‍රතිඵලය ගැන ඔබේ අදහස කුමක්ද?
කෙටිම සහ වගකීමෙන් දෙන පිළිතුර තමයි ‘මාලිමාව දිනුම්’ කියන එක. ඒ ගැන අපිට අබමල් රේණුවක සැකයක් නැහැ. වෙනත් කිසිවෙකුත් ඒ ගැන දෙගිඩියාවක් තියා ගන්න එපා.
අවසන් වුණු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන බහුතර සංඛ්‍යාවක බලය ලබාගන්න ජාතික ජන බලවේගය සමත් වෙලා තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයෙදිත් මීට පෙර පැවති ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජනතාව ලබාදුන් විශ්වාසය යලිත් වතාවක් ජාතික ජන බලවේගය වෙත ලබාදීලා තියෙනවා. ජනතාව මාලිමාව අනුමත කර තිබෙනවා.
කිසියම් පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් ලැබුවේ නැහැයි කියන්නේ ඒ පක්ෂය හෝ අදාළ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරල තිබෙන බවයි. සමහර පක්ෂ හෝ කණ්ඩායම්වලට එකක්, දෙකක් හෝ තුනක් අරගෙන ඒ සියලු දෙනාම එකතුවී සභාව පිහිටුවන්න උත්සාහ ගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ඒ සඳහා නීතියෙන් බාධාවක් නැති වුණාට, ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම්.
හැබැයි එවැනි කණ්ඩායම් එක්වෙලා සභාව ඇතුලේ දී බහුතර කණ්ඩායමක් හදලා බහුතර බලය පෙන්වන්න උත්සහ දරමින් සිටිනවා නේද?
ඔව් ඇත්ත. ජනතාව විසින් දිගින් දිගටම පරාජය කළ කණ්ඩායම් ගණිතමය ලෙස තමන් දිනා ඇති බව පෙන්වීමට උත්සාහ ගනිමින් ඉන්නවා. මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ ආයතන 339කට, ඒ අතරින් ආයතන 265ක් වැඩි ප්‍රමාණයක මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දේශපාලනිකව බැලූවිට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාව. තව දුරටත් ජනතාව මාලිමාව විශ්වාසකර තිබෙනවා. වෙනස් විදිහකට කියනවානම් මේ පළාත් පාලන ආයතන බාර දිය යුත්තේ මාලිමාවට කියන එක ජනතාව විශ්වා කරලා. ඒ නිසා තමයි ඉතිහාසයේ කිසිම පක්ෂයකට නොදුන්න තරමේ පළාත් පාලන සභික ධුර 3927ක් ජනතාව විසින් මාලිමාව වෙත ලබා දීලා තියෙන්නේ.
අපි මුළු රටේම කොට්ඨාස අති විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලිය වගේම දේශපාලන ක්‍රියාවලිය ඉතාම පහසුවෙන් ඉටු කරන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා කියන එක. අපේ අනාගත නායකත්වයන් පුරුදු කරන්න අපට අවශ්‍යව තිබෙනවා. සභික ධුර 3927ක් කියන්නේ ඊට අදාළ ඉතාමත් යහපත් තත්වයක්. ඒක අපට විශාල ශක්තියක්. තරුණ පිරිස්, කාන්තාවන් විශාල පිරිසක් මේ කණ්ඩායම අතරේ ඉන්නවා. පැහැදිලිව කිව්වොත් අපි ආණ්ඩුවක් විදිහටත් පක්ෂයක් විදිහටත් මේ මැතිවරණයෙන් තීරණාත්මක අඩිතාලමක් දමාගෙන තිබෙනවා.
ඒ ජනතා විශ්වාසය වගේම බලාපොරොත්තුවත් ආරක්ෂා කරමින් මාලිමාවට බහුතර බලය ලබාදීපු සියලුම ආයතනවල සභා පිහිටුවා අපි සැලසුම් කොට තියෙනවා.
පළාත් පාලන ආයතන බලය පිහිටුවා ගැනීමේ ඔබේ අපේක්ෂාව මොකක්ද?
ප්‍රධානම දේ තමයි රට වෙනස් කිරීමේ කාර්යය, පාර්ලිමේන්තුවෙන් පටන්ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යා යුතු බවට මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ආරක්ෂා කිරීම.
ඔබ දන්නවා අපි මේ රටේ ගැඹුරු දේශපාලන වෙනසක් කිරීමට පටන් ගත් බව. අපි පොරොන්දු වූ ආකාරයටම වංචා, දූෂණ නැති ආණ්ඩුවක් නිර්මාණය කළා. ජනතාවගේ අපේක්ෂාව ඉටු කරමින් දැන් අපිට වංචා දූෂණ නැති ප්‍රාදේශීය සභා, නගර සභා මහ නගර සභා හැදීමේ කාර්යය කරන්න උවමනාව තිබෙනවා.
පහල සිට ඉහල දක්වා කොන්ත්‍රාත්වලින් හම්බ කරන්නේ නැති, පගා ගහන්නේ නැති, පාලනයක් පළාත් පාලන ආයතන තුළ නිර්මාණය කිරීමට අවශ්‍යයි. මහජන මුදල් නාස්ති නොකර ජනතාවට සේවය කිරීමේ සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඒ සේවය අපට ගමටත් ගෙනියන්න දැන් අපට පුළුවන්කම තිබෙනවා.
රටක් ලෙස පටන්ගත් දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, වංචා දූෂණවලින් තොරව පාලනය කිරීම, මහජන මුදල් සොරකම් නොකිරීම, නාස්ති නොකිරීම, වැනි අගය කළ යුතු වෙනස් දේවල් බිමට ගෙනත් ගම තුළත් එය තහවුරු කර, රට අලුත්ම දිසාවකට ගෙනයාමට මේ ජයග්‍රහණය ඉවහල් කර ගත යුතුව තිබෙනවා. ජනතාව පක්ෂයක් ලෙස මාලිමාව ගැන විශ්වාසය තබා, අනුමත කොට, මාලිමාවට බලය ලබා දී තිබෙනවා. ඒ නිසා අපට ජයග්‍රාහීව ඉදිරිගමන යා හැකිව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේ දී සභා පිහිටුවා ගනිමින්, ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කර ගනිමින්, මේ රට වෙනස් කිරීමට දරන ප්‍රයත්නයට තවත් ශක්තිය එකතුකර ගනිමින් අපි ගමන යනවා. කිසියම් හෝ දුර්වලතා තිබෙනවා නම්, ඒවා වෙනස්කර ගනිමින් ඉදිරියට යෑමට අප සූදානම්. ජනාධිපතිවරණයේදිත්, මහ මැතිවරණයේදිත් වගේම ආදර්ශමත් පළාත් පාලන මැතිවරණයක දී අපට ජයග්‍රහණය ලබාදෙමින් විපක්ෂයේ බොරු, බේගල් පැත්තකට දමා මාලිමාවට ජයග්‍රහණය ලබාදී තිබෙනවා. ඉති දෙගිඩියාවකින් තොරව අපි ඒක ආරක්ෂා කළ යුතුයි.
ඡන්දය අතර තුර ඇතැම් තැනක දී ඔබේ කණ්ඩාමට, මාලිමාවේ අපේක්ෂකයින්ට ගැටලු ඇතිවී තිබුණා නේද?
ඔබ දන්නවා අපි මේ රටේ මැතිවරණ සංස්කෘතිය වෙනස් කොට තිබෙන බව. ජනාධිපතිවරයෙ සිට මේ දක්වා අප ඇත රාජ්‍ය බලය තිබියදීත් මැතිවරණයේ දී අපි රාජ්‍ය බලය යෙදවූයේ නැහැ. රජය මැදිහත් වෙලා ගැටුම් නිර්මාණය කළේ නැහැ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අඩුම ඡන්දයක් අපි පැවැත්වූවා.
ප්‍රචණ්ඩ ක්‍රියා දෙක තුනක සිදු වුණත් ඒවා මාලිමාවට එරෙහිව යෙදා ගත් ක්‍රියාවන්.
ඔබ විමසූ පරිදිම පොළොන්නරුවේ අපේ කණ්ඩායම් නායකයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකොට වාහනයට ගිනි තැබුවා. යාපනයේ අපේ අපේක්ෂකයෙකුට පහර දුන්නා. එවැනි කුඩා සිදුවීම් කිහිපයක් හැරුණු කොට, අපට ඉතිහාසයේ සිදු කළ බඩු බෙදමින්, සිල් රෙදි බෙදීම් වැනි රාජ්‍ය ධනය යොදාගනිමින් පෙර පාලකයින් සිදුකළ ක්‍රියාවන් කිසිවක් නොකර නිදහසේ ඡන්දය දෙන්න අවස්ථාව මේ රටේ ඡන්දදායකයින්ට උදාකර දීමේ හැකියාව අපිට ලැබුණා.
අවසන් නිරීක්ෂණය තමයි පූර්ව මැතිවරණ සමය ඉතාමත් සාමකාමියි. පශ්චාත් මැතිවරණ කාලයත් ඉතාම සාමකාමියි.
හැබැයි සමහර තැන්වල 50%ක් වත් ඡන්ද නැති බවයි දකින්න ලැබුණේ. ඔබලාට විපක්ෂයේ සහයෝගය ලබා ගන්න හැකියාවන් තියෙනවද?
කිසියම් හෝ පළාත් පාලන ආයතනයක් වැඩි ඡන්ද ලබාගත් පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරාත්මක බලය ලැබෙන්නේ. සභාවක් පිහිටුවිය යුත්තේ දිනන ලද අය එකතු වෙලා. අපි සභා පිහිටුවීමේ දී තනි තනිවම ඉදිරිපත් වූ අයත්, ස්වාධීනව ආව අයත් ඉන්නවා. ඒ අය අපට උදව් කරන්න කැමති නම්, අපට පුළුවන් එයාලට උදව් කරන්න. අපි ජනතාව දුන් වරම අනුව සභාව පිහිටුවනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කණ්ඩායම් එක්ක එකතු වී සභා පිහිටුවීම සාර්ථක වේවිද කියන්න අපහසුයි.
හැබැයි ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමඟ කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ.
සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අයට තමයි, සභාව පිහිටුවන්න කියා ආරාධනා කරන්නේ. අනෙක් අයට සිදුවෙන්නේ, සභාව රැස්වූ පසුව ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ.
එවැනි 50%ක් නියික්ම වූ මන්ත්‍රී ධුර හිමි පළාත් පාලන ආයතනයක අයවැය ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේද?
එසේ වෙන්නත් නොවෙන්න පුළුවන්.
කොහොමත් සභාපතිවරයාට සභාව පවත්වාගෙන යාමට විශේෂ බලයක් මේ පනත තුළ තිබෙනවා. තීරක ඡන්දයක් සභාපතිවරයාට තිබෙනවා. අපි බලය පිහිටුවන ආයතන තුළ වඩා හොඳ අයවැයක් ඉදිරිපත් කළොත් ඒකට විරුද්ධ වෙන්න කිසිවෙකුට පුළුවන්ද කියන කරුණ තිබෙනවා.
අපි මහජන මුදල් නාස්ති කරන්නේ නැති නම්, සොරකම් කරන්නේ නැති නම්, කොමිස්, කොන්ත්‍රාත් ගහන්නේ නැතිනම්, අපි ඉදිරිපත් කරන මේ රටේ ගම බිම් මට්ටමින් හදන හොඳ වැඩපිළිවෙළකට කිසිවෙකුට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඡන්ද ප්‍රතිඵල බලලා, ඉලක්කම් එකතු කොට සතුටු වෙන්න හදන අයට, අපි කියනවා යථාර්ථය ඊට වඩා වෙනස්.
ටික දවසක් ඉවසලා ඉන්න අපි සභා පිහිටුවලා බලමු.
පළාත් පාලන ආයතනයක 50%ක් ඉක්මවූ බලයක් ඔබේ කණ්ඩායමට නැත්නම් ඔබ සුදානම්ද වෙනත් පක්ෂයක් හෝ පක්ෂ සමඟ සන්ධානයකට යන්න?
මෙහෙමයි, කවුරු හෝ පුද්ගලයෙකුට හිතුනොත් තමන් ඉන්න තැනට වඩා මෙතන හොඳයි, එයට උදව් කරනවා කියලා. ඒකට අපෙන් කිසිවෙකුටත් බාධාවක් නැහැ. හැබැයි ජනතාව ප්‍රතික්ෂේප කරපු, පාරාජිකා වුණු පක්ෂත් එක්ක එකතු වෙලා, සන්ධාන ගහලා සභා පිහිටුවන්න කිසිම අදහසක් අපිට නැහැ නැහැ. මතක තියා ගන්න ඒ පක්ෂ ජනතාව විසින් පරාජය කළ හා ප්‍රතික්ෂේප කළ පක්ෂ. ඒ නිසා ඒ පක්ෂත් සමග එකතු වීමට අපිට අයිතියක් නැහැ. අවශ්‍යත් නැහැ.
උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය ගැන ඔබේ අදහස මොකක්ද?
උතුරු පළාත වගේම නැඟෙනහිර පළාත තුළ දී සභාවක් පිහිටුවීමට කිසිම දේශපාලන පක්ෂයකට සම්පූර්ණ බලය ලැබිලා නැහැ.
ඒ අතර ජාතික ජන බලවේගය ලෙස ගත්තොත් අපට මන්ත්‍රී ධුර 150ක් උතුරු පළාතෙන් ලැබී තිබෙනවා. ප්‍රතිඵල අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැඩිම සභික සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 81ක් සමග වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. අපට ප්‍රාදේශීය සභාවක් උතුරු පළාතේ තිබී නැහැ. වවුනියාවේ එක සභාවක් තිබිලා තියෙනවා. මන්ත්‍රී ධුර 150ක් ලැබීම ඉතිහාස ගතවන අවස්ථාවක්.
උතුර සහ නැඟෙනහිර පළාතේ දී විතරක් නෙමෙයි අවුරුදු සියයක් පමණ පාරම්පරිකව මේ රට පාලනය කළ පක්ෂ බිඳ වැටී තිබෙනවා. නැඟෙනහිර පළාතෙත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල බලය විශාල වශයෙන් තිබූ පළාතක්. ජාතික දේශපාලනයේ නැති වුණාට ප්‍රදේශ තුළ, ජාතිකත්වයන් තුළ හදාගත්ත පක්ෂ තමයි තිබෙන්නේ.
2018 පළාත් පාලන ප්‍රතිඵලයට සාපේක්ෂව ගත්තොත් අපි ඒ පළාත් දෙකේදීම පිමි ගණනාවකින් ඉස්සරහට ඇවිත් තිබෙනවා.
අපි දන්නවා ජාතික දේශපාලනයේ සහ ප්‍රාදේශීය දේශපාලනයේ විශාල වෙනසක් තිබෙන බව. ජාතික ජන බලවේගය හැරුණු විට අනෙකුත් පක්ෂ අවුරුදු 20ක් 25ක් පැරණි දේශපාලනය කරපු, සභාපතිකම් කරපු, මන්ත්‍රීකම් කරපු අය තමයි අපේක්ෂකයන් වී සිටියේ. කොට්ඨාස ක්‍රමය නිසා කිසියම් බලපෑමක් විශේෂත්වයක් තිබෙනවා. කාලයක් සිටි අයට අමතර වාසියක්ද තිබෙනවා. උතුරු නැඟෙනහිර ජනතාවත් එක්ක අපි, අනුර සහෝදරයා ජනාධිපති වශයෙනුත්, හදාගත් ඒ සැලැස්ම ඉතාමත් ශක්තිමත්වී තිබෙනවා.
දැනට තිබෙන සාකච්ඡා තොරතුරු අනුව, උතුරු පළාතෙත්, නැඟෙනහිර පළාතෙත් සභා ගණනාවක් ජාතික ජන බලවේගයේ සභා පිහිටුවන්න පුළුවන් වේවි. ඒ කොහොම වුනත් අපි බලාපොරොත්තු වෙනවා මේ ජයග්‍රාහී ප්‍රතිඵලයත් එක්ක ඉදිරියට යන්න.
ඒ වගේම උතුරු පළාතේ බහුතර බලයකින් සභාවක් පිහිටුවන්න කෙනෙක් නැහැ. ඒ හැම කෙනාටම සිදුවෙලා තිබෙනවා කාගේ හෝ සහය ගන්න. උතුරු පළාත් ප්‍රධානම නගර සභාවල ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පවා දැනටමත් අපෙන් ඉල්ලීම් කරමින් තිබෙනවා ඒ වෙනුවෙන්. ඔවුන් කැමතියි ආණ්ඩු පක්ෂය වන අපත් සමග මේ ගමන යන්න. එවැනි ඉල්ලීම් බොහොමයක් තිබෙනවා. ඒ සම්බන්ධව අපි ඉදිරියේ දී බලමු.
වෙනත් කණ්ඩායම් විසින් ඔවුන්ට බහුතර බලය හිමි වූ පළාත් පාලන බලය ආයතන තුළ බලය පිහිටුවීමේ දී ඒ වෙනුවෙන් ඔබේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙනවාද?
එහෙම කරන්න අපිට අවශ්‍ය නැහැ. ඒ අය බහුතර බලයක් ලැබූ කණ්ම්ඩායමක්නම් සභා පිහිටුවීමේ දී අපි මැදිහත් වෙන්නේ නැහැ. සභා එයාලා පිහිටුවා ගත යුතුයි. ඒවා පිහිටුවන්න අපි සහය දෙන්නෙත් නැහැ ඒවා කඩාකප්පල් කරන්න අපෙන් සහය දීමකුත් නැහැ. අපි ඒවාට බාධා කරන්නේ නැහැ.
හැබැයි, ඒ අය අපට බාධා කළොත් අපිත් බාධා කරනවා.