නාසි ආචාරය සහ වෛරී සංකේතවලට ඕස්ට්‍රේලියාව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරයි

නාසි ආචාරය ඉටු කිරීම සහ වෛරී සංකේත ප්‍රදර්ශනය කිරීමට එරෙහිව දැඩි සිර දඬුවම් නියම කරමින් ඕස්ට්‍රේලියාව නව සංශෝධන හඳුන්වා දී ඇති අතර එය රටේ ඉතිහාසයේ දැඩිම වෛරී අපරාධ නීතිය ලෙස සනිටුහන් කරයි. බ්‍රහස්පතින්දා සම්මත කරන ලද නව නීති මගින් වෛරයට සම්බන්ධ වැරදි සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා වසර 1-6 ත් දක්වා අනිවාර්ය සිර දඬුවම් ක්‍රියාත්මක කෙරේ.

සංශෝධන යටතේ, නාසි ආචාරය සිදු කරන හෝ වෛරී සංකේත ප්‍රදර්ශනය කරන පුද්ගලයින්ට අවම වශයෙන් වසරක අනිවාර්ය සිර දඬුවම් නියම කෙරේ. ත්‍රස්තවාදයට මුදල් සැපයීම අවම වශයෙන් වසර තුනක සිර දඬුවමක් නියම කරන අතර ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම හෝ සැලසුම් කිරීම අනිවාර්ය වසර හයක සිර දඬුවමකට හේතු වේ.

ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී ප්‍රහාර පිළිබඳ උත්සාහයන් ඉහළ යමින් තිබිය දී මෙම නීතිමය වෙනස්කම් සිදුකර ඇත. නිලධාරීන් මෙම සංශෝධන වෛරී අපරාධවලට එරෙහි පෙර නොවූ විරූ පියවරක් ලෙස විස්තර කර ඇත. කෙසේ වෙතත්, පාලක කම්කරු පක්ෂය අනිවාර්ය දඬුවම් නියම කිරීම නිසා චෝදනාවට ලවී තිබේ. ඒ එවැනි දඬුවම් මගින් එවැනි අපරාධ ඵලදායී ලෙස අඩු නොවන බවත් අධිකරණ ස්වාධීනත්වයට හානි කරන බවත් මතු කරමිනි.

2024 ජනවාරි මාසයේ සිට නාසි ආචාරය පැවැත්වීම සහ නාසි සංකේත ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබූ අතර, මීට පෙර උපරිම වශයෙන් වසරක සිර දඬුවමක් නියම විය. බ්‍රහස්පතින්දා (06) සංශෝධන සමඟ, මෙම දඬුවම් දැන් අනිවාර්ය කර ඇති අතර, වෛරී අපරාධ සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ඉවසීමේ ස්ථාවරය අවධාරණය කරන බවයි කියන්නේ.

Recent Post