මානවරූපී රොබෝවරුන් මැරතන් ධාවන තරගයක

මානවරූපී රොබෝවරුන් (Humanoid robots) එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං හි දී සෙනසුරාදා (19) පවත්වා තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරග කළ බවයි. සැතපුම් 13ක දුරක් මෙම මැරතන් ධාවනය පවත්වා ඇති බවයි කියන්නේ.

මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි වෙනස් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙසයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සෙනසුරාදා අලුයම උදාවන විට, ආරම්භක රේඛාව දෙසට ගමන් කරන ෂටල් බස් රථයකින් සහභාගිවන්නන් සමඟ මම එක් වුණෙමි. වාතය උද්යෝගයෙන් ඝෝෂාකාරී විය: ධාවකයන් සැහැල්ලුවෙන් පෞද්ගලික හොඳම දේ හුවමාරු කර ගත්හ, උන්නතාංශ වෙනස්කම් ගැන වාද කළහ සහ වෛරස් වීඩියෝවල අමරණීය කර ඇති සුදුමැලි දම් පැහැති පවුලෝනියා මල්වල දසුන් දැකීමට ඔවුන්ගේ බෙල්ල ඔසවමින් සිටියහ.

බීජිං නගරයේ ගිනිකොන දෙසින් පිහිටි බීජිං ආර්ථික – තාක්ෂණික සංවර්ධන ප්‍රදේශයේ (Beijing Economic-Technological Development Area (BDA)) මෙම තරඟය පවත්වා තිබුණේ විවෘත පරිසරයකක දී යි. තරගයට එක්වන සෑම රොබෝවරයෙකුටම මානවරූපී පෙනුමක් තිබිය යුතු අතර ද්විපාද ඇවිදීමට හෝ ධාවනය කිරීමට හැකියාව තිබිය යුතු බව පූර්ව කොන්දේසිය වුණා. ඒ අතර තරගය පැවති මාර්ගය දිගේ පිහිටුවා ඇති බහු සැපයුම් ස්ථානවල දී සහභාගී වූ රොබෝවන් නඩත්තු කිරීම, බැටරි හුවමාරු කිරීම් සහ වෙනත් ක්‍රියා පටිපාටිවලට භාජනය වීමට ඉඩ සලසා තිබූ බවයි කියන්නේ.

උදෑසන 7:30 ට ආරම්භක සංඥාවත් සමඟ මැරතන් ඉසව්ව ආරම්භයේ දී ඉදිරියට පැමිණි ප්‍රේක්ෂකයන් සිය ජංගම දුරකථන හරහා තරග වදින රොබෝවරුන්ගේ ඡායාරුප ගෙන තිබුණේ ඔල්වරසන් හඬ, දිරිගැන්වීමේ කෑගැසීම් සමඟ බවයි වාර්තා වන්නේ.

මෙම මැරතන් තරගයට රොබෝ සමාගම්, පර්යේෂණ ආයතන, සමාජ ශාලා සහ විශ්වවිද්‍යාල වලින් කණ්ඩායම් 20ක් සහභාගී ව සිටියා. තරග කළ රොබෝවරු ප්‍රමාණයෙන්, ඇඳුම් පැළඳුම්වලින් සහ ධාවන ඇවිදීමෙන් වෙනස් වුවද, සියල්ලෝම එකම ඉලක්කයක් වෙත යොමුව සිටියා.

තරගයේ ජයග්‍රාහකයා Tiangong Ultra

Beijing Economic-Technological Development Area (BDA) කළමනාකරණ කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලියැං ලියැං පවසා තිබුණේ හියුමනොයිඩ් රොබෝ අර්ධ මැරතන් තරඟයේ නීති රීති මෝටර් රථ රැලියක නීති රීති වලට සමීපව සමාන වූ බවයි. කණ්ඩායම් හී AI ස්වාධීනත්වය මානව අධීක්ෂණය සමඟ ඒකාබද්ධ කළ අතර, මීට පෙර කිසිදු යන්ත්‍රයකට මුහුණ දී නොතිබූ අභියෝගවලට මේ රොබෝවරුන් මුහුණ දුන් බවයි ඔහු කියන්නේ.

දෙවෙනි තැන දිනූ Noetix N2

මීට පෙර 2011 දී, ජපානයේ ඔසාකා හි ගෘහස්ථ ස්ථානයක දී රොබෝවරු පස් දෙනෙක්ගේ සම්පූර්ණ මැරතන් තරඟයක් සම්පූර්ණ කර තිබුණා. දළ වශයෙන් සෙන්ටිමීටර 40ක් උස රොබෝ ධාවකයන්ට මීටර් 100 ධාවන පථයක් අඛණ්ඩව 400 වතාවක් අවසන් කිරීමට දින කිහිපයක් ගත වූ බවයි කියන්නේ.

මෙවර පැවති අර්ධ මැරතන් තරගයේ දී, බීජිං හියුමනොයිඩ් රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද Tiangong Ultra රොබෝවරයා පැය 2 යි මිනිත්තු 40 කින් සිය ජයග්‍රහණය ලබාගෙන තිබුණා. Noetix N2 රොබෝ දෙවන ස්ථානයට පත් වූ අතර ෂැංහයි පදනම් කරගත් සමාගමක් වන DroidUp විසින් නිර්මාණය කරන ලද රොබෝව තෙවන ස්ථානයට පත්ව තිබුණා.

Recent Post