ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද බවයි කියන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හෙට (06) වැනිදා තෙක් මෙරටට රැඳී සිටිනවා.

