ශ්‍රී ලාංකීය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවිය සිනමා සම්මාන මෙවරත් පැවැත්වෙන බව ලේක්හවුස් ප්‍රකාශකයින් සඳහන් කරනවා. මෙවර එය නම්කර ඇත්තේ කැලීන්- සරසවිය සිනමා සම්මාන උලෙළ 2025 ලෙසයි.
‘නැවුම් දේශයක සිනමා අභිෂේකය’ තේමාවෙන් යුත් මෙවර සරසවිය සම්මාන උළෙල පවත්වන්නේ මස 24වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී යි.
36වැනි වරට පැවැත්වෙන එම උලෙළට සමගාමීව සරසවිය ජනප්‍රිය චිත්‍රපට දැක්ම ජුනි මස 18 – 20 දක්වා මරදාන සිනෙසිටි සිනමා ශාලාවේ දි සවස 5:30ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ජුනි මස 18වැනිදා ‘සිංහබාහු’, ජුනි මස 19වැනිදා ‘සිහිනයකි ආදරේ’, ජුනි මස 20වැනිදාමෙහිදී
‘මන්දාරා’ යන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.
මෙම චිත්‍රපට තුනම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන බවයි සරසවිය සම්මාන උළෙලේ සංවිධායකයින් පවසන්නේ.
#sarasaviya #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews