ශ්‍රී ලාංකීය සිනමාවේ මහා කලා මංගල්‍යය

ශ්‍රී ලාංකීය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවිය සිනමා සම්මාන මෙවරත් පැවැත්වෙන බව ලේක්හවුස් ප්‍රකාශකයින් සඳහන් කරනවා. මෙවර එය නම්කර ඇත්තේ කැලීන්- සරසවිය සිනමා සම්මාන උලෙළ 2025 ලෙසයි. ‘නැවුම් දේශයක සිනමා අභිෂේකය’ තේමාවෙන් යුත් මෙවර සරසවිය සම්මාන උළෙල පවත්වන්නේ මස 24වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී යි. 36වැනි වරට පැවැත්වෙන එම උලෙළට […]
‘එහිම සුදුමැලි පිටපතක්’ එළිදකියි

මාලක දේවප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘බහුචිතවාදියා’ පදනම් කර ගනිමින් ජර්මානු විඥානවාදය, මාක්සියානු දේශපාලන ආර්ථික විද්‍යාව සහ ෆ්‍රොයිඩියානු-ලකානියානු මනෝවිශ්ලේෂණය හරහා කියවීමට ගන්නා උත්සාහයක් ලෙස තිලක් කෝදාගොඩ ලියා එළි දක්වා තිබෙන නවතම කෘතිය වන ‘එහිම සුදුමැලි පිටපතක්’ එළඹෙන 11 වෙනිදා එළිදැක්වේ. බොරෝමියානු ගැටයේ එක් ක්ෂේත්‍රයක් වන ‘මාක්ස්මය දේශපාලන ආර්ථිකය’ ගැන හා එහි ඇති සීමා ගැන මෙන්ම […]
වාලම්පූරි වගේ චිත්‍රපටි ඕනෙ

වාලම්පූරි වගේ චිත්‍රපටි ඕනෙ. ඒක නෙළුම් කුලුණට වඩා මගේ සිතගත්තා. දැවැන්ත නිෂ්පාදනයක්. කැමරාව ඉදිරියේ තැබූ දේවල් හෙවත් මීසෝන් සේන් ගොඩයි. හැම රාමුවක්ම ෂොට් එකක්ම පිරිලා. ඒ නිසා එක් වරක් බැලුවට මදි. චිත්‍රපටිය ගැන සාවධාන යමක් කියන්න තව කීප සැරයක් බලන්න ඕනෙ. ඒ දෘශ්‍යමය අධිකතරභාවය චිත්‍රපටියෙ ශෛලියටත් ගැලපෙනවා. මේක එක්තරා යථාර්ථවාදී ගැන්ස්ටර් චිත්‍රපටියක්. ස්කෝසේසි කරපු මලයාලම් […]
භාරත් රංග මහෝත්සවය කොළඹ දී

ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන භාරත් රංග මහෝත්සවයේ රිදී ජුබිලිය සමරමින් ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික නාට්‍ය පාසල විසින් එම නාට්‍ය උළෙල 2025 පෙබරවාරි 6 සිට 9 දක්වා කොළඹ දී සංවිධානය කර තිබෙනවා. එය කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය සමඟින් එක්ව කොළඹ […]
වීදි ඡායාරූපකරණය සහ කලාත්මක සීමාවන්ගේ සංස්කෘතිය

(“වීදි ඡායාරූපකරණය සහ කලාත්මක සීමාවන්ගේ සංස්කෘතිය” නම් වූ මෙම සටහන උපුටා ගනු ලැබුවේ අනුරුද්ධ ලොකුහපුඅරච්චිගේ FB පිටුවෙනි. අනුරුද්ධ මෙරට සිටි කෘතහස්ත ඡායාරූප මාධ්‍යවේදියෙකි. කලෙක ඔහු රොයිටර් හි මෙරට සිටි නිල මාධ්‍ය ඡායාරූප ශිල්පියා විය. දිගු කලක් සිය දරූ පවුලත් සමඟ එක්සත් රාජධානියේ විප්‍රවාසීව විසු ඔහු මීට ටික දිනෙකට පෙර ලංකාවට පැමිණ තිබේ. ඔහුගේ FB පිටුව […]
යාපනයේ දී විවෘත කළ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් ඊයේ (18) දින පැවති උත්සවයකදී යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨ දමිළ කවියකු සහ දාර්ශනිකයකු වන තිරුවල්ලුවර්තුමාට උපහාරයක් ලෙස ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කරනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර්, […]
ඩබ්ලිව් ජයසිරි අභාවප්‍රාප්තයි

රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යනවිට අවුරුදු 77ක්. රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි ප්‍රවීණ නළුවෙකු , තිර රචකයෙක්, ගීත රචකයෙක, නාට්‍ය නිෂ්පාදකයෙක් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්ද වනවා.
ගුණසේන විතාන දිවිගමන නිමාකරයි

ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදියකු සහ ගත් කතුවරයකු වූ ගුණසේන විතාන මහතා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත වුණා. වාමාංශික ව්‍යාපාරය හා සම්බන්ධ දේශපාලන ක්‍රියාධරයෙකු වූ ඒ මහතා මිය යන විට 93 වන වියෙහි පසුවූ අයෙක්. සිව් දරු පියෙක්. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද වන ගුණසේන විතාන මහතා ප්‍රගතිශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛක පෙරමුණේ ආරම්භක ලේකම්වරයා […]