ලක්ෂ්මන් විජේමාන්න රනිල් අතහැර සජිත්ට එක්වෙයි

ඊයේ (12) දිනයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ සමඟ ගැටුමක් ඇතිකරගත් කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. එජාපයෙන් ඉවත් වූ ඔහු සමගි ජන බලවේගය සමග එක්ව ඇති බව පැවසෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ඊයේ (12) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු වුණා. එහිදී එතෙක් කලුතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකු වූ ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා දැරූ කළුතර දිස්ත්‍රික් එජාප නායකත්වයෙන් ඔහු ඉවත් කර තිබුණා. එම තනතුර කලක් එජාපයේ සිට ඉන් ඉවත්ව සජබ හා එක්ව කටයුතු කළ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට ලබාදුන්නා. ඊට එරෙහිව ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත විරෝධය පළ කළා.

ඒ පිළිබඳව ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, තමන් පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළත්, සෑම පක්ෂයකටම පනින රාජිත සේනාරත්න මහතාට එම තනතුර ලබාදීමට හේතුව තමන්ට නොවැටහෙන බවයි.

Recent Post