මාලනියට දැන් සුවයි

මෙරට නිලි රැජින ලෙස ලෙස සලකනු ලබන මාලනී ෆොන්සේකා මහත්මිය සුවය ලබා ඇති බව වාර්තා වෙනවා. පසුගිය දා ඇය රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. ඇය පිළිබඳව සිය Face Book හී සටහනක් තබන ඇයගේ ඥාති දියණියක වන රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා විසින් මාලනී ෆොන්සේකා මහත්මිය සමඟ ගත් ඡායාරූප සටහනක් තබමින් මේ බව සටහන් කර තිබුණා.

සමනලී ෆොන්සේකා මහත්මිය සිය ඥාති මාලනී ෆොන්සේකා මහත්මිය සුවය ලැබූ බව පවසමින් ඒ පිළිබඳව ප්‍රාර්ථනා කරපු සියල්ලන්ටම ස්තුතිය පළකර තිබෙනවා.   

“මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා. ‘mission completed! කියලා දාන්න ශා…’ කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්. නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!”

Recent Post