චමල් ප්‍රාදේශීය සභාවකට තරග කරන්න ලෑස්තියිලු

තමන් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසා තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මේවනවිට තම පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවයි.

ඒ අනුව තමා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බවත් හිටපු කතානායකවරයෙක් ව සිටි චමල් රාජපක්ෂ මහතා පවසනවා.

“වෙනස කරා. වෙනසේ රඟ දැන් ආපහු දකිනවා. දැන් හැමෝටම ඕනේ ඇති කරපු වෙනස නැවත වෙනස් කරන්න. පොදුජන පෙරමුණෙන් මමත් ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා.

ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්” යයි ඔහු සඳහන් කර තිබෙනවා.

Recent Post