‘ගෝලීය වෙළද පටිපාටිය සුරකිමින් පොදු සංවර්ධන සහයෝගීතාය ශක්තිමත් කරමු’ යන මැයෙන් සංවාදයක් පසුගියදා කොළඹ දී පවත්වා තිබුණා. එය සංවිධානය කර තිබුණේ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින්.
වත්මන් ලෝකය මුහුණ දී ඇති අවිනිශ්චිත තත්ත්වයන් මෙන්ම ඉන් ඇති කරන බලපෑම එහිදී සාකච්ඡාවට ලක්වුණා. වත්මන් අභියෝගාත්මක පරිසරය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපාන අතර ඒ සදහා නව විසදුම් සොයමින් නව වෙළදපොලවල් සමඟ පවතින සබදතා තර කිරීමේ අවශ්‍යතාවද ඔවුන් පෙන්වා දුන්නා. එහිදී අදහස් දැක්වූ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ ආධිපත්‍යය කෝණයට විකල්පයක් ලෙස විවිධ රටවල් සමග සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බවයි. මෙමගින් විශාල ආර්ථික විභවයක් ඇති රටවල් සමඟ වාණිජ සබදතා තර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බව ද ඇය පැවසුවා.
“ලෝකය මේ වන විට ගමන් කර ඇත්තේ ඒකපාර්ශවීය බලයක් කේන්ද්‍ර වූ ලෝකයක සිට බහු බල කේන්ද්‍රයන් පවතින යුගයකට. මෙවැනි කාලයක් තුළදී ලෝකයේ විවිධ රටවල් ආර්ථික වශයෙන්ම තම ආධිපත්‍යය පතුරුවීමට තම ආධිපත්‍යය පතුරුවීමට කටයුතු කරනවා.
විශේෂයෙන්ම ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල් ගෝලීය ආර්ථික වශයෙන් පවතින්නේ ආධිපත්‍යයට යටත් වීමක් තුළ. මේ තුළින්ම දැකිය හැකි තවත් දෙයක් වන්නේ ගෝලීය වෙළඳ පරියාය එය සැකසූ රටවල් පිටින්ම විසුරුවා හැරීමක් කර තිබීමයි.
ආධිපත්‍යය කෝණයට විකල්පයක්ලෙස සහයෝගිතාවය තිරසාල ලෙස විවිධ රටවල් සමඟ ඇතිකර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි. මේ තුළින් චීනය වැනි රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ගිවිසුම් වලට එළඹී තිබෙනවා. විවිධ රටවල් සමග ඇති කරගන්නා ගිවිසුම් වලදී සමහර අවස්ථාවන්වලදී අසාධාරණ සිදුවීම් සිදුවූවත් ඒවා අවම කර ගනිමින් රටේ උන්නතිය වෙනුවෙන් සහයෝගීතාවය මත ගොඩනැගී ඉදිරියට යෑමට හැකි වෙළඳ ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙන බව අපට දැකිය හැකිය” යි එහිදී ඇය සඳහන් කළා.
කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය පවිත්‍රා ජයවර්ධන, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ විධායක සභික දුමිදු කරුණාගොඩ, මාලදිවයින් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්යාධ්යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෂීඩා රශීඩ් සහ මාලදිවයින් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අහමඩ් ඉමාඩ් ඇතුළු විද්වතුන් රැසක් මෙහිදී සිය අදහස් පළ කළා. විද්වතුන් රැසක් එක්වූ මෙම සංවාදයට දේශපාලන, වාණිජ, මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිත පිරිස් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.