නිල සංචාරයක් සඳහා අද (03) පෙ.ව 12.10ට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මෙරටට පැමිණියා. බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඔහු පිළිගනු ලැබුවේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල විසින්. රිචඩ් මාලස් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.