ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි.
නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර මහත්වරු එක්ව මෙම මහෙස්ත්‍රාත්වරයකුගේ අධිකරණ කටයුතු රහසිගතව නිරීක්ෂණය කර තිබෙනවා.
පසුගිය 02දා මේ විනිසුරුවරුන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට හදිසි සංචාරයක් ගොස් ඇත්තේ අදාළ මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් පරීක්ෂා කිරීමයි. නඩු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් සහ සාක්ෂි රැස් කිරීමෙන් පසු, දිවා ආහාර විවේකයේ දී මහෙස්ත්‍රාත්වරයාගේ කුටියේ දී ම ඔහු හමු වූ විනිසුරුවරු, ඔහුගේ පැහැදිලි කිරීම්වලින් සෑහීමකට පත්වී නැති අතර, ඒ මොහොතේ ම විනිසුරුවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.