අගමැති මෝදි උතුර – නැඟෙනහිර දෙමළ පක්ෂ නායකයින් මුණගැසෙයි

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙරටේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි උතුරේ – නැඟෙනහිර දෙමළ පක්ෂ නායකයින් මුණගැසී තිබෙනවා.

එම හමුවෙන් අනතුරුව සිය X ගිණුමෙහි සටහනක් තබන අගමැතිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ නායකයන් හමුවීම සැමවිටම සතුටට කරුණක් බවයි.

මේ එම සටහන යි;

“ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ නායකයන් හමුවීම සැමවිටම සතුටට කරුණකි. මා පෞද්ගලිකව ම දන්නා ගෞරවනීය දෙමළ නායකයන් දෙදෙනෙකු වන ආර්. සම්බන්ධන් මහතාගේ සහ මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබඳව මාගේ ශෝකය පළ කළෙමි. එක්සත් ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රජාවට සමානාත්මතාවය, අභිමානය සහ යුක්තිය හිමි ජීවිතයක් වෙනුවෙන් අචල කැපවීම අවධාරණය කළෙමි. මාගේ සංචාරය අතරතුර දියත් කරන ලද ව්‍යාපෘතීන් සහ මුලපිරීම් රැස ඔවුන්ගේ සමාජීය, ආර්ථික සහ සංස්කෘතික ප්‍රගතියට දායකත්වය ලබා දෙනු ඇත”

Recent Post