පසුගිය දිනෙක කොළඹ 5, කිරුළ පාරේ දී අවන්හලක් විවෘත කරනු ලැබුවා. එය මීට පෙර එතනම පිහිටි අවන්හලක් වූ අතර දැන් එය නව කළමනාකාරීත්වයක් යටතේ ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කළ අවන්හලක්. BBQ Station ලෙස එහි පැරණි නමින්ම වඩාත් නවීකරණය කර විවෘත කළ මෙම අවන්හල සංචාරක මණ්ඩලයේ F11 අනුමත අවන්හලක්. විශේෂත්වය වන්නේ මෙහි ආයෝජකයින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වීමයි. කලකට ඉහතදී එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලද නිශාන්ත රණසිංහ සහ මතන් රාජ් මහාලිංගම් BBQ Station හී නව හිමිකරුවෝ යි.

මෙරට ඇති වූ දේශපාලන වෙනස්කමත් සමඟ මෙරටට ආයෝජනය කිරීමට ඇති වූ විශ්වාසයත් ඒ සඳහා පෙරට වඩා පහසුවක් හිමිවීම නිසා තමන් දෙදෙනා විදේශයකදී උපයාගත මුදල් BBQ Station වෙත යෙදවූ බවයි නිශාන්ත රණසිංහ සහ මතන් රාජ් මහාලිංගම් කියන්නේ. දැනට මේ වෙනුවෙන් තමන් දෙදෙනා රුපියල් මිලියන 50 ක් පමණ යොදවා ඇති බව ඔවුන් සඳහන් කරනවා.
“අපි විදෙස්ගතව ජීවත් වුණාට හැමදාමත් අපේ හැඟීම තිබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. අපි මේ රටේ දියුණුවට අපෙන් වියයුතු දේ ගැන සැලසුම් කළා. ඒත් ඒ හැම මොහොතකම අපි දැක්කේ දැඩි අවදානම් සහගත් බවක්. විශේෂයෙන්ම ආයෝජනයක් ගෙනෙන්න දෙගෙඩියාවෙන් උන්නේ. දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක්. අපි හිතුවා අපි උපයාගත් දේ ලංකාවේ ආයෝජනය කරන්න” යි BBQ Station හි සමහිමිකාරිත්වය දරන නිශාන්ත රණසිංහ පවසනවා.
අවන්හල් පරිසරය වඩාත් නෙත් සිත් ඇදගන්නා පරිසරයක් බවට පත් කිරීම සඳහා BBQ Station වෙත දේශීය හැඩයගත් අලුත් ගෘහ භාණ්ඩ රැසක් එක්කර ඇති බව ඔවුන් සඳහන් කරනවා.

“එතෙර ජීවත්වෙන අපි වගේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් හිටියා. හැබැයි පැවතුණු දේශපාලන වාතාවරණය අපිව අධෛර්යමත් කළා. මීට පෙර මෙවැනි ව්‍යාපෘති කිහිපයකට ආයෝජනය කිරීමට අපිටත් අවශ්‍ය වුණා. නමුත් අපි කවුරුත් දන්නා ප්‍රශ්න කිහිපයක් නිසා අපිට මේ රටේ ආයෝජනය කරන්න ධෛර්යක් තිබුණේ නැහැ” යි සිය හවුල්කාරිත්වයෙන් විවෘත වුණු BBQ Station පිළිබඳව අදහස් දක්වන මතන් රාජ් මහාලිංගම් සඳහන් කළා.

නිශාන්ත රණසිංහ සහ මතන් රාජ් මහාලිංගම් කියන්නේ ආසන්න දිනයක දී අමුත්තන් රැසක් පිරිවරා විවෘත කළ සිය BBQ Station ඉතා ඉක්මනින්ම සංචාරක කලාප කරාත් ප්‍රචලිත කරන බවයි.
“අපි ඉක්මනින්ම BBQ Station අවන්හල් ජාලයක්ම ඇති කරනවා. ඒවා බොහෝවිට සංචාරක කලාප තුළ ආරම්භ කරන්නයි අපි සැලසුම් කරන ඉන්නේ. සමහර විට අපි වගේම ලංකාව දිහා බලන් ඉන්න තවත් විදෙස්ගත් ශ්‍රී ලාංකිකයින් ඒ සඳහා අපිත් එක්ක ආයෝජනය කරයි. ලංකාවට ආයෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න ලෝකය පුරා ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම අපි කියන්නේ බය නැතුව දැන් ලංකාවට එන්න කියලා. බය නැතුව, සැකයක් නැතුව ආයෝජනය කරන්න කියලා. අපි පළමු පියවර තිබ්බා. ආරම්භයේ පටන් විවෘත කිරීම සහ එතැන් පටන් මේ දක්වා BBQ Station අපිට මේ රට ගැන විශ්වාසයක් ඇති කළා” යි නිශාන්ත රණසිංහ සහ මතන් රාජ් මහාලිංගම් පවසනවා.
“මේ තමයි ශ්‍රී ලංකාව තුළ අලුතින් ව්‍යාපාර පටන් ගන්න හොඳම සහ විශ්වාසවන්තම කාලය”යි ඔවුන් සඳහන් කරනවා.

නිශාන්ත රණසිංහ සහ මතන් රාජ් මහාලිංගම් ආයෝජනය කළ කොළඹ 5, කිරුළ පාරේ කළ අද කිරුළ පාරේ BBQ Station එහි පැමිණෙන සිය දෙනෙකුට සත්කාර කිරීමට පහසුකම් ඇති තැනක්. එහි ඇතුලත මෙන්ම පිටතඋද්යානයේත් ඇති තරම් පහසුවෙන් සහ විනෝදයෙන් ආහාර පාන ලබාගත හැකියි. විශේෂ ස්ථානයක් සමීපතමයන් සොයන කිහිප දෙනෙක් සමඟ සෙසු පිරිසෙන් වෙන්ව BBQ Station හී සත්කාර විඳිය හැකි පුද්ගලික කාමර දෙකක් සහ විශේෂ උද්‍යාන ප්‍රදේශයක් ද තිබෙනවා.
දහවල් රාත්‍රී විවෘත BBQ Station ජනප්‍රිය ඇනවුම් සේවා හරහා ආහාර ඇනවුම් සපයනවා.
සෑම සති අන්තයක දීම අමුත්තන්ට විනෝදාස්වාදය ලබා දීම සඳහා විශේෂ DJ සහ සජීවී සංගීතය සපයන බව BBQ Station කළමනාකාරිත්වය සඳහන් කරනවා.

විවිධ ආහාර, දේශීය සහ විදේශීය විවිධ බීම වර්ග සමඟ තවත් බොහෝ දේ සංග්රහශීලීව සිය අමුත්තන් වෙත සපයන BBQ Station සතියේ දින හතම විවෘත යි.
“අපේ කාර්ය මණ්ඩලය ඉතාමත් සුහදශීලියි, ආගන්තුක සත්කාරයට ලැදියි. අරක්කැමියන් සියලු දෙනාම මෙරට ඉහලම අවන්හල් වලින් අත්දැකීම් ලද බොහෝම හොඳින් පුහුණු ලැබූ අය. අපේ BBQ Station වෙත එක්වරක් ගොඩවෙන කෙනෙක් ඉන් පසුව යලි යලිත් එතනට එන බව අපිට විශ්වාසයි. පළමු දවසින් පස්සේ ඒ හැම කෙනෙකුටම දැනේවි BBQ Station කියන්නේ තමන්ගේම තැනක් කියලා.
BBQ Station කියන්නේ තවත් එක ආහාර පාන සපයන තැනක් නෙමෙයි. මේ තැන අලුත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් විදේශයන් හී ජීවත් වෙමින් වෙහෙස වූ මහන්සි වූ බලාපොරොත්තු තැබූ බොහෝ දෙනෙකුගේ සිහින සඳහා පාර පෙන්වන තරු පන්තියේ තැනක්” යැයි සිය ආයෝජනය පිළිබඳව සතුටින් සහ විශ්වාසයෙන් යුතුව නිශාන්ත රණසිංහ සහ මතන් රාජ් මහාලිංගම් පවසනවා.
(BBQ Stationවෙන්කර ගැනීමට 0112501092/ 0717332594)