පසුගිය අඟහරුවාදා තම ගගනගාමීන් දෙදෙනෙකු පැය නවයක ගුරුත්ව රහිත අභ්‍යවකාශ ඇවිදීමක (Spacewalk) වාර්තාවක් සම්පූර්ණ කළ බවත් චීනය නිවේදනය කරයි, එය 2001 සිට ඇමෙරිකානුවෙකු විසින් තිබූ ලෝක වාර්තාව අභිබවා ගිය බවත් ඔවුන් සඳහන් කර ඇත. මෙම ජයග්‍රහණය චීනයේ අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
ෂන්ජොව්-19 (Shenzhou-19) මෙහෙයුමේ කොටසක් වන ගගනගාමීන් වන සයි-සූ-ජ (Cai Xuzhe) සහ සොන්ග්-ලින්ග්-ඩොන්ග් (Song Lingdong) බීජිං වේලාවෙන් රාත්‍රී 10 ට පෙර ඔවුන්ගේ බාහිර අභ්යයවකාශ ක්‍රියාකාරකම් අවසන් කළ බව China Manned අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. ඔවුන්ගේ පැය නවයක උත්සාහය 2001 මාර්තු 12 වන දින ඇමරිකානු ගගනගාමීන් වන ජේම්ස් වොස් (James Voss) සහ සුසන් හෙල්ම්ස් (Susan Helms) විසින් පිහිටුවන ලද පැය අටයි මිනිත්තු 56 ක පෙර වාර්තාව අභිබවා ගිය බව නාසා ආයතනය සඳහන් කරයි.
විද්‍යාත්මක දියුණුව සඳහා පමණක් නොව සම්පත් ගවේෂණය සහ ජාතික ආරක්ෂාව සඳහාද උපායමාර්ගික වටිනාකමක් ඇති ක්ෂේත්රයක් වන අභ්‍යවකාශ ගවේෂණයේ ප්රමුඛ බලවේගයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා චීනය දැඩි ලෙස ආයෝජනය කරමින් සිටී.
එක්සත් ජනපදයෙන් පසු සඳ මත ගගනගාමීන් ගොඩබස්වන දෙවන ජාතිය බවට පත්වීම චීනය අරමුණු කරයි. මේ සඳහා, 2030 සඳහා සැලසුම් කර ඇති ගගනගාමීන් සහිත චන්ද්‍ර මෙහෙයුමක් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ ඇඳුමක්ද ඔවුන් විසින් ඉඟි පළ කර තිබේ.