විජිත – ජයශංකර් ඕමානයේ දී හමුවෙයි

ඉන්දියානු පදනම (India Foundation) විසින් සංවිධානය කළ 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව ඊයේ (16) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී දෙරට අතර ඵලදායී අන්තර්ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී කටයුතු […]

සුමන්තිරන් ITAK පක්ෂ මහලේකම් ධුරයට

සුමන්තිරන් ITAK පක්ෂයේ මහලේකම් ධුරයට පත් කෙරේ

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ (ITAK) මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පත්කර තිබෙනවා. පක්ෂ ආරංචි මාර්ග මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ. මතියාපරණන් ඒබ්‍රහම් සුමන්තිරන් 1964 පෙබරවාරි 9 වෙනිදා උපත් ලැබූ අයෙක්. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර පසුව තමිල්නාඩුවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිලිංදව උපාධිය හදාරා තිබෙනවා. […]

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිමා කරයි

ප්‍රකට සමාජ සහ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ සීතා රංජනී අද (17) සිය දිවිසරිය නිමාකර තිබෙනවා. ඇය මියයන් විට 71 හැවිරිදි වියේ පසුවුණා. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස සීතා රංජනී උපත ලබා තිබුණේ 1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ දී යි. ඇය වසර 37කට වැඩි කාලයක් මාධ්‍යවේදිනියක සහ සමාජ ක්‍රියාකාරිණියක ලෙස […]

හෙට එන අයවැය ලේඛනය ජනාධිපති අනුරගේ නිරීක්ෂණයට

ජාතික ජන බලවේගය රජයේ පළමු අයවැය ලේඛනය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍ය ධුරය දරණ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. හෙට ඉදිරිපත් කරන අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට අද ලක්ව තිබුණා. 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්වයි.

මහින්දගේ නිවසේ ලක්ෂ 03 ක හිඟ ජල බිලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙයි. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වෙයි.

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීම තාවකාලිකව අත්හිටුවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා […]

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජනායගම් භාරතී දිවි සැරිය නිමා කරයි

මෙරට ප්‍රවීණ දෙමළ ජාතික මාධ්‍යවේදියෙකු වූ රාජනායගම් භාරතී සිය දිවි සැරිය නිමා කර තිබෙනවා. මිය යන විට හැට තුන් වියේ පසුවූ ඔහු රෝගාතුරව මාස කිහිපයක් රෝහල් ගතව සිටියා. රෝහලෙන් නික්ම සිය නිවෙසට පැමිණ දින කිහිපයකින් අනතුරුව අවසන් සුසුම් හෙළුවේ මීට දින කිහිපයකට පෙර පෙබරවාරි නම වැනිදා යි. හතළිස් වසක මාධ්‍ය ජීවිතයකට හිමිකම් කියන භාරතී මිය […]

ජනාධිපති අනුර යලිත් දිවයිනට

ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) යලි දිවයිනට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි ශ්‍රී ලංකාව යි අතර අලුත් ගිවිසුමක්

ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව යි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම […]

ලෝක රාජ්‍ය සමුළුවේ දී ජනාධිපති අනුර කළ සම්පූර්ණ කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී පැවති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ඊයේ (12) දිනයේ පවසා තිබුණේ ‘ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු’ යනුවෙනු යි. සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් සහ එහි නියෝජිතයින් ඉදිරියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාව මෙසේයි. “ගෞරවනීය රාජ්‍ය නායකයිනි, විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිතවරුනි, සම්භාවනීය […]