ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ (ITAK) මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පත්කර තිබෙනවා. පක්ෂ ආරංචි මාර්ග මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
මතියාපරණන් ඒබ්‍රහම් සුමන්තිරන් 1964 පෙබරවාරි 9 වෙනිදා උපත් ලැබූ අයෙක්. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර පසුව තමිල්නාඩුවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිලිංදව උපාධිය හදාරා තිබෙනවා. ඉන් අනතුරුව ඔහු මෙරට නීති විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලබා නීතිඥවරයෙකු ලෙස පත්වීම් ලබා තිබෙනවා. ඔහු 2001 දී මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් අන්තර්ජාල සහ ඉලෙක්ට්‍රොනික නීතිය පිළිබඳ Master Of Laws (LLM) උපාධියක් ලබා ගත් අයෙක්.
ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, වාණිජ මහාධිකරණය සහ දිස්ත්‍රික් අධිකරණවල සිවිල් නඩු කටයුතු සඳහා පෙනී සිටි එම්.ඒ. සුමන්තිරන් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම , ලංකා සමුද්‍ර සේවා පෞද්ගලීකරණය කිරීම සහ ප්‍රමුඛ බැංකුව වසා දැමීම ඇතුළත් විවාදාපන්න නඩු ගණනාවකට නීතිඥවරයෙකු ලෙස පෙනීසිටි අයෙක්.
2010 දී ඔහු දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් කරනු ලැබුවා. යලිත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයේ TNA අපේක්ෂකයෙකු ලෙස තරඟ කර ත්‍රී පත් ව තිබුණා. ඉන් පසුව 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එම්.ඒ. සුමන්තිරන් මහතා යලිත් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා.
එහෙත් අවසන් වූ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහුට තම ආසනය අහිමි වුණා.
මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවයෙන් හිස් වූ ITAK පක්ෂයේ මහ ලේකම් ධුරයටයි ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පත්කර ඇත්තේ.