මාලිමාවට එරෙහිව ප්‍රහාර

ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාල කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමේ මෙම ප්‍රවණතාවය මැතිවරණ කොමිසම ඇතුළු අදාළ බලධාරීන් වහා මැදිහත්වී පාලනය කිරීමට පියවර ගත යූතු බවයි.

මේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (29) නිකුත් කළ මාධ්‍ය නිවේදනය යි.

“2024 ජනාධිපතිවරණයට අදාළව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට 28 දින වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 209ක් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂන මධ්‍යස්ථානය වෙත වාර්තා වී ඇත.

එම පැමිණිලි පහත සඳහන් කාණ්ඩ යටතේ වර්ගීකරණය කොට ඇත.

•              නීති විරෝධී ප්‍රචාරක කටයුතු – 112

•              නීත්‍යනුකූල මැතිවරණ ව්‍යාපාරයට බාධා කිරීම් – 04

•              ප්‍රචණ්ඩ ක්‍රියා – 09

•              මහජන මතයට අනිසි බලපෑම් කරමින් විවිධ දෑ බෙදා දීම් – 56

•              රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම් – 45

•              රාජ්‍ය නිලධාරීන් නීති විරෝධී ලෙස මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම් – 16

මේ දක්වා අප වෙත වාර්තා වී ඇති ප්‍රචණ්ඩක්‍රියා මෙසේය –

  1. හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයෙකු විසින් ආරච්චිකට්ටුවේ දී ජාතික ජන බලවේගයේ ආධාරකරුවකුට පහරදීම.
  • බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතවෙමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසකට සමගි ජන බලවේගයේ ආධාරකරුවන් විසින් බැන තර්ජනය කිරීම.
  • මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගයේ ආධාරකරුවකුට සමගි ජන බලවේගයේ ආධාරකරුවකු විසින් කඩුවකින් කොටා තුවාල සිදුකිරීම.
  • මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයක් කඩා බිද දමා අලාභ කිරීම.
  • කුරුණෑගල බමුණුගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කිරීම.
  • කුරුණෑගල දහයියගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කිරීම.
  • මීරිගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ගිනි තබා අලාභහානි සිදුකිරීම.
  • මොණරාගල වැලියාය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යමින් සිටි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සාමාජිකයකුට සමගි ජන බලවේගයේ ආධාරකරුවකු විසින් පහර දී තුවාල සිදුකිරීම. 
  • සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ලියන්ගොල්ල ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සාමාජිකයෙකුට පහරදීම.

ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා රාජ්‍ය සම්පත් හා රාජ්‍ය නිලධාරීන් යොදාගැනීමේ සිද්ධීන් විශාල ප්‍රමාණයක් වාර්තාවෙමින් පවතින අතර එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා පමුණුවන බව නිරීක්ෂණය වේ.

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට මේවන විට ලද පැමිණිලි 209 අතරින් සිදුවීම් 54ක් පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව ඇතුලු අදාළ අංශ වෙත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා යොමුකර ඇත.

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමේ මෙම ප්‍රවණතාවය මැතිවරණ කොමිසම ඇතුළු අදාළ බලධාරීන් වහා මැදිහත්වී පාලනය කිරීමට පියවර ගත යූතු බව අපගේ අදහසයි.

නීතීඥ අකලංක උක්වත්ත,

මාධ්‍ය ප්‍රකාශක,

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය”

Recent Post