ජනපති බලශක්ති අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය. අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට […]

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

World Food Programme officials and Sri Lankan President's Secretary during a meeting at the Presidential Secretariat.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ. මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින […]

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණිය ජනාධිපති හමු වෙයි

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඉන්දියන් සාගරය තුළ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු […]

ලාංකිකයින්ට තුර්කිය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය

තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී සිය හෘදයාංගම සුබපැතුම් එක් කළ තානාපතිවරයා තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් (Recep Tayyip Erdogan) මහතාගේ සහ තුර්කි ජනතාවගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත […]

පලස්තීන තානාපතිවරයා ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා (Hisham Abu Taha) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය. මෙම හමුවේදී තානාපති අබු තාහා මහතා විසින් ජනාධිපති වෙත සිය සුබපැතුම් පිළිගන්වනු ලැබූ අතර පලස්තීන රජය සහ ජනතාව වෙනුවෙන් ද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් පිරිනැමීය. ශ්‍රී ලංකාව විසින් දීර්ඝ කාලීනව පලස්තීනය […]

ස්විට්සර්ලන්ත ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සඳහා සහාය පළ කරයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් එක් කළ තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ස්විට්සර්ලන්ත රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමීය. ශ්‍රී ලංකාව තුළ දැනට […]

ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර […]

පාප්වහන්සේගේ සුබ පැතුම් වතිකාන තානාපතිවරයා විසින් ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා […]

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය

ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. ජනාධිපති අනුර කුමාර […]

ජනපති සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර […]