USAID අරමුදල් නතර කිරීම ශ්‍රී ලංකාවට බලපායි, විදේශ මැදිහත්වීම් අඩු වීමේ සලකුණු?
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90ක සමාලෝචනයක් සඳහා USAID අරමුදල් සපයන සියලුම ව්‍යාපෘති නවතා දැමීමට විධායක නියෝගයක් නිකුත් කර ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සහ රජයේ වැඩසටහන් අවුල් සහගත වී ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ(Marco Rubio) විසින් ප්‍රකාශයට පත් කරන ලද අරමුදල් නවතා දැමීම, රැකියා දහස් ගණනක් අවදානමට ලක් කර […]
නාමල් USAID සහ දේශීය NGO සම්බන්ධ විමර්ශනයක් ඉල්ලයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ආයතනය (USAID) සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන (NGO) විසින් අරමුදල් සපයන ලද ව්‍යාපෘති සහ ප්‍රදාන සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා තිබේ. තම X(Twitter) ගිණුමෙහි හි සටහනක්, ඔහු සඳහන් කළේ ගෝලීය වශයෙන් විවිධ ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සඳහා ප්‍රසිද්ධ USAID, දැන් මතභේදාත්මක අවස්ථාවක […]
නිදහසේ සිහිනය එක්ව දකිමු ඒ සිහිනය එක් ව සැබෑ කර ගනිමු
77 වන නිදහස සමරන මේ මෙහොත දක්වා අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ගමන තුළ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටින බවයි ඔහු කියන්නේ. ඒ සියලුදෙනාට […]
නිදහස සහ ආණ්ඩුවේ අභියෝගය ආචාර්ය ලයනල් බෝපගේ
“නිදහසින් වසර 77කට පසුව – ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව” යන මාතෘකාවෙන් යුත් ලිපියක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආචාර්ය ලයනල් බෝපගේ විසින් නිකුත් කර තිබෙනවා. 1983 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ අවස්ථාව වන විට එහි ප්‍රධාන ලේකම්වරයාව සිටි ආචාර්ය ලයනල් බෝපගේ 1971 අප්‍රේල් 05 සිදුවූ මෙරට ජනතා නැගිටීම සඳහා වගකිවයුත්තෙකු ලෙස […]
ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 82 වියේ පසුවුණා. හැරී ජයවර්ධන ලෙස බොහෝ දෙනා හඳුන්වන දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන උපන්නේ 1942 අගෝස්තු 17 දිනයි. ඒ ජා-ඇල ප්‍රදේශයේ දී යි. හැරී ජයවර්ධන තේ ව්‍යාපාරිකයකු ලෙස කොළඹ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් තේ අපනයන ආයතනයකට සම්බන්ධව ව්‍යාපාරික ලෝකයට එක්ව සිටි […]
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුධ හමුදාව කරාපිටිය ‘Trail‘ පිළිකා රෝහලේ ඉදිකිරීම් කටයුතු යළි අරඹයි
Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ට්‍රේල් පිළිකා රෝහල් ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සමාරම්භක උත්සවයකින් අනතුරුව නැවත ආරම්භ කරන බව නිවේදනය කර ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට පවතින පිළිකා ඒකකයේ සහායක ඒකකයක් ලෙස ඉදිකිරීමට යෝජිත මහල් 10 කින් යුත් මෙම […]
ජනපති අනුරගෙන් මාවෙයිට අවසන් ගෞරව
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) අවසන් ගෞරව දක්වා තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයාගේ දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි නිවසට අද දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ සමීපතමයන් වෙත සිය සංවේගය පළ කළ බව වාර්තා වෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා […]
මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වී තිබෙනවා. යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ. සේනාධිරාජා මහතා යාපනයේ සිය නිවසේදී ඊයේ (29) ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි කියන්නේ. […]
යෝෂිතට ඇප දෙයි රට යන්න තහනම්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කර තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් […]
අද දවසේ කොළඹ දී සැමරූ ඉන්දීය ජනරජ දිනය
කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (26) කොළඹ දී 76 වන ඉන්දීය ජනරජ දිනය සමරන ලැබුවා. ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව වන ඉන්දීය ව්‍යවස්ථාව බලාත්මක කෙරුණේ 1950 වසරේ ජනවාරි 26 වන දින යි. ඉන්දීය ව්‍යවස්ථාවේ පූර්විකාව විසින් ඉන්දියාව ස්වෛරී, සමාජවාදී, අනාගාමික, ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. සිය ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් […]