දිලිත්ගේ පාර්ටියක කෑමට බීමට සීල් තියයි

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත්වෙන දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (25) අනුරාධපුර හෝටලයක දී මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකට සහභාගි වූ ආරාධිත පිරිසක් සඳහා යි.

අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් මත එහි නිලධාරීන් පිරිසක් පොලිසිය සමඟ පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබා තිබුණා. ආරාධිතයන්ට ලබාදීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිසියට බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආහාර සහ මත්පැන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට සංවිධායකයන් විසින් ඉල්ලා තිබුනත් ඒ සඳහා අවසරයක් නොලැබුණු බවයි කියන්නේ.

Recent Post