ශිකර් ධවාන් පිටියෙන් සමුගනියි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තම ජීවිත කාලය තුළ වැඩි කලක් ක්‍රීඩා කර ඇති නිසා තමන්ට විවේක ගැනීමට අවශ්‍ය අවධියකට පැමිණ ඇති බව තමන්ට හැඟෙන බවත්යි.

වසර 14ක කාලයක් පුරාවට  ශතක 14 කට හිමිකම් කියන ඔහු, ඉන්දීය 20 – 20 කණ්ඩායමේ නායකත්වයද දැරුවා.

40ට වැඩි සාමාන්‍යයක් සහ 90 වැඩි පිතිකරණ වේගයක් සහිත ක්‍රීඩකයකුවන ඔහු එක්දින ලකුණු 5000ට වැඩියෙන් ලබාගත් ඉන්දියානු ක්‍රීඩකයින් අතරට එක් වූ ක්‍රීඩකයින් 8 දෙනාගෙන් එක් අයෙක්ද වෙනවා.

ඔහු ශතක 24ක්, අර්ධ ශතක 44ක් ඇතුළුව තරග 269කින් ලකුණු 10,867ක් රැස්කරමින් සිය ක්‍රීඩා දිවිය ජයග්‍රහණය කළ අයෙක්. 2010 දී ඔහුගේ ප්‍රථම තරගය වූයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරඟයකටයි ක්‍රීඩාකර ඇත්තේ. ධවාන් අවසන් වරට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේ 2022 වසරේ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ දී යි.

Recent Post