අපේක්ෂක මිය ගියත් නම ඉවත් නොවෙයි

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් ඉවත් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. ඒ හේතුවෙන් මිය ගිය ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන බව ඔහු කියයි.

ඔහු සඳහන් කරන්නේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් මේ වන විට ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර ඇති බවයි. මිය ගිය අපේක්ෂකයෙකු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් කිරීමට එම නියෝජිතයින් ඉල්ලුම් කළහොත් ඒ සඳහා හැකියාව පවතින බව සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබේ.

මීට පෙර 1984 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ දිසානායක මුදියන්සේ රාළහාමිලගේ ලයනල් ගාමිණී දිසානායක හෙවත් ගාමිණී දිසානායක 1994 ඔක්තෝබර් 24 වෙනිදා ඝාතනය වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය විසින් ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මිය ආදේශක අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.

#gaminidisanayaka #shrimadisanayaka #UNP #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews #presidentialelection #presidentialelection2024

Recent Post