ජාතිවාදය ඉස්මතු නොකර ජයග​ත් අනුරට සුබ පැතුම්

මෙවර ජනාධිපතිවරණයේ දී ජාතිවාදය ඉස්මතු නොකරන සුවිශේෂ ජයග්‍රහණයක් හිමිකරගත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සිය සුබ පැතුම් එක් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එම්.ඒ සුමන්දිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ, සිය X ගිණුමෙ හි සටහනක් තබමින්.

තම පක්ෂයේ උපදෙස් මත වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය භාවිත නොකර මැතිවරණ සිතියමේ වෙනසක් පෙන්නුම් කළ උතුරු – නැඟෙනහිර ජනතාවට තමන් ස්තූතිවන්ත වන බවයි ඔහු සඳහන් කරන්නේ.

Recent Post