2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් විය.
එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 33,226 (65.68%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 9116 (18.02%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 6383 (12.62%) ක් ලබාගෙන තුන්වන තැන ලබාගෙන තිබෙනවා.
සිව්වන තැනට නාමල් රාජපක්ෂ පත්ව ඇත්තේ ඡන්ද 943 (1.86%)ක් ලබාගනිමින්.