පැරාලිම්පික් සඳහා අපෙන් 8ක් යයි

2024 පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලිය මේ මස 28 සිට සැප්තැම්බර් 08 දක්වා ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ලොව පුරා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට වැඩි සංඛ්‍යාවක් එක්වන බව වාර්තා වෙනවා. එම පිරිස විවිධ ක්‍රීඩා ඉසව් 22ක් යටතේ සහභාගීවීමට නියමිතයි.

මෙවර තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමෙහි කණ්ඩායම් නායක සමිත දුලාන් (හෙල්ල – F44) සමඟ නුවන් ඉන්දික (100m T44), පාලිත බණ්ඩාර (යගුලිය F42/63), අනිල් ජයලත් (100m T42/63), ප්‍රදීප් සෝමසිරි (1500m T46), සුරේෂ් ධර්මසේන (රෝද පුටු ටෙනිස්), නවීඩ් රහිම් (පිහිනුම් S9) සහ ජනනි ධනංජනා (දුර පැනීම T47) ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම එක්වෙනවා. මෙම පිරිස අද (25) පැරීසිය බලා පිටත්ව ගොස් තිබුණා.

Recent Post