එල් සැල්වදෝරය 2030 වන විට පළමු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය තැනීමට නියමිතය

එල් සැල්වදෝරය එහි බලශක්ති වර්ධනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරමින් 2030 වන විට එහි පළමු පර්යේෂනාත්මක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය (Nuclear research reactor) සංවර්ධනය කිරීමට සූදානම් වේ. මෑත OLADE webinar එකක් අතරතුර, බලශක්ති, හයිඩ්‍රොකාබන සහ පතල් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් අල්වාරෙස්ක් (David Alvarezc), නියඟ සහ තෙල් මිලෙහි නිරන්තර අවිනිශ්චිතභාවය වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා න්‍යෂ්ටික බලශක්තියේ වැදගත් කම ඉස්මතු කළේය.

මෙම මුලපිරීම මගින් විදුලි පිරිවැය ස්ථාවර කිරීම, කර්මාන්ත සහ සංචාරක කර්මාන්තය සඳහා ප්‍රථිලාභ ලබා දීම අරමුණු කර ඇත. මෙම නව තාක්ෂණයට සහාය වීම සඳහා වසර හතක් පුරා විශේෂඥයින් 400 දෙනෙකු පුහුණු කිරීමටද එල් ​සැල්වදෝර් රජය සැලසුම් කර ඇත. ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව සමඟ සහයෝගීතාවයද, කලාපයේ න්‍යෂ්ටික පර්යේෂණ ඉදිරියට ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ලෙසද එරට් රජය හඳුනාගෙන තිබේ.

එම රජය අනුමාන කරනුයේ න්‍යෂ්ටික බලශක්තිය එල් සැල්වදෝරයට ස්ථාවර ආර්ථික මාර්ගයක් ලබා දෙන අතර, වඩාත් තිරසාර අනාගතයක් සහතික කරයි.

Recent Post