iOS 18 හි දෝෂයක්

iOS 18 හි දෝෂයක්

මීට දින කිහිපයකට පෙර නිල වශයෙන් එළි දැක්වූ iOS 18 හි දෝෂයක් ඇති බව අනාවරණය වී ඇත. මෙමෙ දෝෂය iPhone 16 Pro ඇතුළු iPhone පරිශීලකයින් හඳුනා ගත් ස්පර්ශයන් සහ tap කිරීම් සම්බන්ධ දෝෂයකි.

මෙම ගැටලුව කෙතරම් පුළුල් ලෙස පැතිරී ඇත්ද කියා තහවුරු කර නොමැතිව, සමහර පරිශීලකයින්ට ඔවුන්ගේ ස්පර්ශ තිරය tap, swipe වැනි ක්‍රියාවලියන් හඳුනා නොගන්නා බව සොයාගෙන ඇත. මෙම ගැටලුව එක දිගට පැන නොගනින අතර, සමහර විට තාවකාලිකව විසඳෙන නමුත් පසුව නැවත පැනනගී.

iPhone 16 Pro සහ iPhone 16 Pro Max පරිශීලකයින් බොහෝ දෙනා මෙම දෝෂය වාර්තා කර ඇතිද, මෙම ගැටලුව iOS 18 සමඟ සම්බන්ධ බව විවිධ සාක්ෂි වලින් පෙනී යයි.

බලපෑමට ලක් වූ iPhone නිශ්චිත සංඛ්‍යාවක් නොමැති නමුත් වාර්තා අනුමාන කරන්නේ සමහර iPads සහ iPhone 14 වැනි පැරණි iPhone මාදිලි පවා එම ගැටලුවට මුහුණ දෙන බවයි.

සමහර පරිශීලකයින් නව කැමරා පාලන බොත්තම සම්බන්ධයෙන්ද දෝෂ වාර්තා කර ඇත, නමුත් මෙය ස්පර්ශ ප්‍රතික්ෂේප (touch rejection) කිරීමේ දෝෂයට සම්බන්ධද යන්න පැහැදිලි නැත.

Recent Post