UAE ගිය ජනාධිපති අනුර ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (10) පස්වරුවේ ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේ දී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවී තිබෙනවා.

ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි යනු රාස් අල් කයිමා හි පිහිටි ආයෝජන සමාගමක් වන Master Investment Group (MIG) හි ප්‍රධාන විධායක නිලධාරියා යි. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෝරාගත් ආහාර පාන (Food and beverage) සැපයුම් ආයතනක සහ Grove Village Mall හි හිමිකරුද වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ රාස් අල් කයිමාහි පාලක ෂෙයික් සෞඩ් බින් සක්ර් අල් කාසිමි පවුලේ සාමාජිකයෙකු වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි 2023 වසරේ මැයි මස අගදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. එහිදී ඔහු ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර සංචාරයක නිරත වූ බව වාර්තා වෙනවා.

Recent Post