ඩේසි ආච්චිටයි යෝෂිතටයි එරෙහිව නඩු පැවරෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සොහොයුරාද වන යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබෙනවා, ඒඔහු වෙත ලැබී ඇති බව කියන මුදල් සම්බන්ධවයි. එම මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පවරන බවයි වාර්තා වන්නේ.

අදාළ විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තියක් සමඟ යෝෂිත රාජපක්ෂ මහතා හවුල් ගිණුමක් ලෙස ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබූ බව පැවසෙනවා. ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මෙම නඩුවේ සැකකාරියක් ලෙස නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.

අද (11) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා. ඩේසි ෆොරස්ට් නම් අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග කියනවා.

Recent Post