රිලව් නිසා දිවයින පුරා විදුලිය බිඳ වටෙයි

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය පවසනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ දිවයින පුරාම විදුලිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බවයි.

විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් එම බිඳවැටීම සිදුව ඇති බවත් සඳහන්.

රිලවුන්ගේ ක්‍රීයා කාරකම් හේතුවෙන් පානදුර උප පොලේ ඇතිවූ හදිසි තත්වයක් මෙම පද්ධති අසමතුලිතතාවයට හේතුවු බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

Recent Post